කියුබාව සමඟ රාජ්ය තාන්ත්රික සබඳතා ස්ථාපනය කරන ලදී.
1960 දී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස තේරී පත් විය. 1960 මැයි මාසයේදී ශ්රීමත් ක්ලෝඩ් කොරයා ලංකාව නියෝජනය කළ පළමු ආරක්ෂක මණ්ඩල සභාපතිවරයා බවට පත් වූවේය.
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ ක්රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමට සාමසාධක භටයන් සය දෙනකු යවමින් 1960 වසරේදී ශ්රී ලංකාව ප්රථම වරට එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්වලට දායක විය.
1960 ජූලි 21 වැනි දින ලොව පළමු අගමැතිනිය වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තේරී පත් වූවාය. ඇය 1971 පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 26 වැනි සැසිවාරය ඇමතුවාය.
පිලිපීනය සමඟ රාජ්ය තාන්ත්රික සබඳතා ආරම්භ කරනු ලැබිණි.
යුරෝපා කොමිසම සමඟ රාජ්ය තාන්ත්රික සබඳතා පිහිටුවනු ලැබිණි.
1956 ජූලි 26 වැනි දින මාලදිවයින් ජනරජය සමඟ රාජ්ය තාන්ත්රික සබඳතා පිහිටුවන ලදී.

