Ministry News
සෞදි අරාබියේ අනෝජන් සිවරාසා සම්බන්ධ නඩු කටයුතු පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි අවධානයෙන්
ප්‍රකාශිත දිනය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, සෞදි අරාබි රාජධානියේ මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගයන්ට ලක්වෙමින් සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා මහතා සම්බන්ධ සිද්ධිය පිළිබඳව සමීප අවධානයෙන් පසුවේ.

රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සහ කොළඹ පිහිටි සෞදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් අමාත්‍යාංශය විසින් අදාළ සිදුවීම් පිළිබඳව අඛණ්ඩව සොයා බලනු ලැබේ.

රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අදාළ සෞදි බලධාරීන් සමඟ අමාත්‍යාංශය අඛණ්ඩව සම්බන්ධීකරණයෙන් කටයුතු කරන අතර, අනෝජන් සිවරාසා මහතාගේ අයිතිවාසිකම් හා යහපත ආරක්ෂා කිරීම සහ ඔහුට හැකි උපරිම සහය ලබාදීම සඳහා අවශ්‍ය සුදුසු පියවර ගනිමින් සිටියි.

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 සැප්තැම්බර් 18 වැනි දින

Show as Media Release on Homepage