මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශය

ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රචාරය කිරීම සහ එහි ප්‍රතිරූපය ප්‍රක්ෂේපණය කිරීම මෙන්ම ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ ජාත්‍යන්තර මාධ්‍ය හරහා විදේශයන්හි සිය අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් රජය සහ බාහිර ක්‍රියාකාරීන් අතර මෙම අමාත්‍යාංශයේ අතුරු මුහුණත ලෙස මහජන රාජ්‍යතාන්ත්‍රික අංශය ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට අදාළව මෙම අමාත්‍යාංශයේ සහ රට තුළ සිදුවන සිදුවීම්/තත්වයන් සහ ජාත්‍යන්තර මාධ්‍යවල ආවරණය ද මෙම අංශය ආවරණය කරයි.

රජයේ දෘෂ්ටිකෝණය සහ ජාතික අවශ්‍යතාවලට අදාළ කරුණු පිළිබඳ ස්ථාවරය ප්‍රක්ෂේපණය කිරීම, මෙම අමාත්‍යාංශයට අදාළ කරුණු සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය/ජාත්‍යන්තර සබඳතාවලට අදාළ කරුණු යනාදිය පිළිබඳ කෙරෙන මාධ්‍ය විමසීම්වලට ප්‍රතිචාර දැක්වීම, දේශීය හා විදේශීය මාධ්‍ය සමඟ සම්බන්ධතා පැවැත්වීම, විදේශීය මාධ්‍ය/සමාජ මාධ්‍යවල පළවන ශ්‍රී ලංකාවට අදාළ අහිතකර ප්‍රවෘත්ති පිළිබඳව නිරීක්ෂණය කිරීම හා ඒවාට එරෙහිව කටයුතු කිරීම සහ සියලු දූත මණ්ඩල සහ නිලධාරීන් අතර බෙදා හැරීම පිණිස දේශීය පුවත් දේශීය මුද්‍රිත මාධ්‍ය තුළින් සම්පාදනය කිරීම, මහජන රාජ්‍යතාන්ත්‍රික අංශයේ විෂය පථයට අයත් ප්‍රධාන විෂයයන් අතර වේ.

කාර්ය මණ්ඩල ධුරාවලිය
Staff Members
තුෂාර රොද්‍රිගෝ මහතා
අධ්‍යක්ෂ ජනරාල්
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
 
දුරකතන
අරෝෂා කාරියවසම් මෙනවිය
සහකාර අධ්‍යක්ෂක
විද්‍යුත් තැපෑල
දුරකතන
Staff Members
ශ්‍රීපත්මිණි කෝනමලෙයි මෙනවිය
ශාඛාවේ ප්‍රධානියා
විද්‍යුත් තැපෑල
දුරකතන