ජූලි 27 වැනි දින, ජාතික අඛණ්ඩතා සතියේ සමාරම්භයේදී, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට එක්වූ අතර, එහිදී සුපිළිපන් ප්‍රතිඥාව කියවීම සිදු විය. මෙම උත්සවය ජනරජ ගොඩනැගිල්ලේදී, විදේශ ලේකම් අරුණි රණරාජගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
“අප එදිනෙදා ජීවිතයේදී ගන්නා තීරණවලින් සුපිළිපන්භාවය පිළිබිඹු වන බවත්, නිහඬව සිටීම වඩාත් පහසු වන විටදී විට අවංකභාවය තෝරා ගැනීමත්, තරඟකාරී අවශ්‍යතා හමුවේ සාධාරණත්වය තෝරා ගැනීමත්, යම් වරදක් සිදු වූ විට ඒ පිළිබඳව වගවීමත් සහ සෑම විටම අපගේ පුද්ගලික අවශ්‍යතාවන්ට වඩා මහජන අවශ්‍යතා කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දීමත් මෙයින් පිළිබිඹු වන බවත්” රැස්ව සිටි පිරිස අමතමින් විදේශ ලේකම්වරිය අවධාරණය කළාය. ජාත්‍යාන්තරය තුළ ශ්‍රී ලංකාව අමාත්‍යාංශය මඟින් නියෝජනය වන බවත්, අමාත්‍යාංශය, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරමින්, විදේශ රැකියා සඳහා අවශ්‍ය සහාය ලබා දෙමින්, සංචාරක, වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ බව ඇය පෙන්වා දුන්නාය. එබැවින්, අමාත්‍යාංශය විසින් සිදු කරන ලද සෑම අන්තර්ක්‍රියාවක්ම ආයතනය කෙරෙහි පමණක් නොව, ශ්‍රී ලංකාව කෙරෙහිම බලපාන බව ඇය යලිත් අවධාරණය කළාය. "අවංකභාවය පුරුද්දක් බවට පත් වූ විට, වගවීම සම්මතය බවට පත් වන අතර, ගෞරවය අපගේ දෛනික කාර්යයභාරයේ කොටසක් වෙමින්, සුපිළිපන්භාවයේ සංස්කෘතියක් එක් වරකට එක් ක්‍රියාව බැගින් ගොඩනඟන බව" ඇය තවදුරටත් පැවසුවාය.
සිංහල සහ දෙමළ භාෂාවෙන් ප්‍රතිඥාව ලබාදෙමින්, අමත්‍යංශයේ සමස්ථ කාර්ය මණ්ඩලය සුපිළිපන් මෙහෙයුමට වූහ.
අමාත්‍යාංශයේ සුපිළිපන් නිලධාරියා විසින් 2025 අප්‍රේල් මාසයේදී අමාත්‍යාංශය තුළ පිහිටුවන ලද අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) සහ එතැන් සිට ඒකකය විසින් සිදු කරන ලද කාර්යයන් පිළිබඳ කෙටි හැඳින්වීමක් සපයනු ලැබීය. අනතුරුව, අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානියා විසින් අමාත්‍යාංශයේ චර්යාධර්ම සංග්‍රහය ප්‍රකාශයට පත් කරන ලද අතර එය භාෂා තුනෙන්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කෙරේ.
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල සහ කාර්යාලවල නිලධාරීන් 130 කට අධික ප්‍රමාණයක් ද මෙම අවස්ථාවට මාර්ගගත ලෙස සම්බන්ධ වූහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2026 ජූලි 27 වැනි දින





