Ministry News
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය 2026 වෙසක් දින උත්සවය පවත්වයි
ප්‍රකාශිත දිනය
img1

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, 2026 මැයි 27 වැනි බදාදා දින අමාත්‍යාංශ පරිශ්‍රයේදීඅමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් වෙසක් දින උත්සවයක් පැවැත්වීය. විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් මෙම උත්සවය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ උපතබුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කරමින් වෙසක් උත්සවයේ සැබෑ අරුත හා සාරධර්මවලට අනුකූලව මෙම සැමරුම සංවිධානය කර තිබිණි.

 

මෙම වැඩසටහනටපූජ්‍ය මහාචාර්ය ආචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර හිමියන් විසින් පවත්වනු ලැබු මහා සාංඝික ධර්ම දේශනාවක් සහ අමාත්‍යාංශ පරිශ්‍රය තුළ බකට් සහ වෙසක් පහන් කූඩු දැල්වීමක් ඇතුළත් වූ  අතරබුදුන් වහන්සේගේ ඉගැන්වීම්වල කේන්ද්‍රීය හරය වූ දානය (දීම)බෙදාගැනීම සහ දයානුකම්පාව යන සාරධර්ම පෙරදැරි කරගනිමින් සංවිධානය කරන ලද දන්සැලක්ඉන් අනතුරුව පැවැත්විණි. ශ්‍රී ලංකා සමාජය තුළ ගැඹුරින් මුල් බැසගත්සහජීවනයඑකමුතුකමඅන්‍යෝන්‍ය ගෞරවය සහ සාමකාමී සහජීවනය යන වටිනාකම් පිළිබිඹු කරමින්විවිධ ආගම් සහ ජනවාර්ගික ප්‍රජාවන් නියෝජනය කරමින්අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සාමාජිකයින් එම දන්සැලට සහභාගී වූහ.

 

බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලින් සංකේතවත් කෙරෙන විශ්වීය වටිනාකම් වන සාමයේදයාවේ සහ එකමුතුකමේ වටිනාකම් සමඟ එක්වීමට මෙම වෙසක් දින උත්සවයඅමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අවස්ථාවක් සැළසීය. 

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ 01

 

2026 මැයි 29 වැනි දින

 

Show as Media Release on Homepage