කොන්සියුලර් සේවය

මාර්ගගත කොන්සියුලර් සේවය
Online Consular Services
ලේඛන සත්‍යාපනය සඳහා වේලාවක් වෙන් කර ගන්න
භාරදුන් ලේඛනවල තත්ත්වය
ශාඛා ලේඛන සත්‍යාපන ක්‍රමය
පාරිභෝගික සත්‍යෙක්ෂණ අධිකාරීන්
පාරිභෝගික සත්‍යෙක්ෂණ අධිකාරීන් වෙත පිවිසෙන්න
කල් දැමූ ලේඛනයක තත්ත්වය පිළිබඳව විමසන්න
ලේඛන නිකුත් කරන අධිකාරිවරුන් ලියාපදිංචි කිරීම
ලේඛන නිකුත් කරන ආයතන වෙත පිවිසෙන්න
කොන්සියුලර් තොරතුරු අංශය
Consular Information Section
Consular Affairs Division

16th Floor, “Suhurupaya”,
Sri Subhuthipura Road,
Battaramulla.
Tel :  +94 112 275 575
Fax :  +94 112 473 899
Email :  consular@mfa.gov.lk

විදේශ වන්දි

ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් සඳහා වන්දි ලබා දීම

අදාළ විදේශීය බලධාරීන් සහ ආයතන හරහා වන්දි, රක්ෂණ ප්‍රතිලාභ සහ වෙනත් නීත්‍යානුකූල හිමිකම් ලබා ගැනීමට, ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින්ට සහ ඔවුන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට සහාය වීම කොන්සියුලර් කටයුතු අංශය විසින් සිදු කරනු ලබයි.
________________________________________

1.    සහාය ලබා ගත හැකි ආකාර

1.1 මරණ සඳහා වන්දි මුදල් ගෙවීම

මියගිය ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින්ගේ නීත්‍යානුකූල උරුමකරුවන්ට වන්දි, රක්ෂණ ප්‍රතිලාභ සහ වෙනත් හිමිකම් ලබා ගැනීමට සහාය වීම.

1.2 මරණ නොවන සිද්ධි සඳහා වන්දි මුදල් ගෙවීම

තුවාල ලැබීම, අසනීප වීම, රැකියා ගිවිසුම් උල්ලංඝනය වීම් හෝ වෙනත් හිමිකම් ලබා ගැනීම සඳහා සුදුසුකම් ඇති, මරණීය නොවන අවස්ථාවලදී, විදේශගත ශ්‍රමිකයින්ට සහාය වීම. 
________________________________________

2. සේවාවේ අරමුණ

ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට, වන්දි, රක්ෂණ ප්‍රතිලාභ සහ වෙනත් නීත්‍යානුකූල හිමිකම් ලබා ගැනීම පහසු කිරීම.
________________________________________

3. අවශ්‍ය ලිපි ලේඛන

අයදුම්කරුවන් (ළඟම ඥාතියා හෝ ශ්‍රමිකයා) පහත ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය:
•    වන්දි මුදල් ඉල්ලා සිටීමේ ලිපිය
•    සම්පූර්ණ කරන ලද අයදුම්පත
•    විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (මරණ නොවන සිද්ධි සඳහා)
•    අවශ්‍ය අනෙකුත් ලේඛන (ඇත්නම් පමණක්), උදාහරණයක් ලෙස:
      o    සේවායෝජකයා පිළිබඳ තොරතුරු 
      o    රැකියා/සේවා ගිවිසුම
      o    සමාගම් හැඳුනුම්පත
      o    රක්ෂණ හිමිකම පිළිබඳ තොරතුරු 
      o    බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු 
      o    වෛද්‍ය වාර්තා
________________________________________

4. අයදුම්පත් ඉදිරිපත් කිරීම

අයදුම්පත් පහත දැක්වෙන ආකාරයට ඉදිරිපත් කළ හැක:
•    විදේශ කටයුතු අමාත්‍යාංශයේ, කොන්සියුලර් කටයුතු අංශයේ, වන්දි ගෙවීම් අංශය වෙත පැමිණීමෙන්, තැපෑල හෝ විද්‍යුත් තැපෑල මඟින්
•    මහනුවර, කුරුණෑගල, මාතර, යාපනය, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල වෙත පැමිණීමෙන්, තැපෑල හෝ විද්‍යුත් තැපෑල මඟින්
________________________________________

5. අයදුම්පත් ගාස්තුව

මෙම සේවාව ලබා ගැනීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
________________________________________

6. අයදුම්පත් අනුමැතිය සඳහා පරීක්ෂා කිරීම

•    වන්දි ලබා ගැනීමට හෝ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ඇති සුදුසුකම් තීරණය කිරීම සඳහා අයදුම්පත් සමාලෝචනය කෙරේ.
•    අතිරේක ලේඛන අවශ්‍ය වන්නේ නම්, ළඟම ඥාතියාට හෝ හෝ ශ්‍රමිකයාට තැපෑල් මාර්ගිකව සහ දුරකථනයෙන් ඒ බව දැනුම් දෙනු ලැබේ.
•    අවශ්‍ය අවස්ථාවලදී, ළඟම ඥාතියාට හෝ ශ්‍රමිකයාට අදාළ ආයතන හෝ මාර්ගගත (online) පද්ධති වෙත යොමු වීමට අවශ්‍ය මග පෙන්වීම් ලබා දිය හැක.
________________________________________

7. වන්දි මුදල් ගෙවීම

මරණ නොවන සිද්ධි සඳහා වන්දි මුදල් ගෙවීම:
අදාළ සිද්ධියේ ස්වභාවය අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ගෙවීම් ක්‍රියාවලිය සිදු කර ශ්‍රමිකයා වෙත මුදල් බැර කිරීම හෝ ශ්‍රමිකයාට සෘජුවම මුදල් ගෙවීම සිදු කළ හැක.

මරණ සඳහා වන්දි මුදල් ගෙවීම:
අදාළ සිද්ධියේ ස්වභාවය අනුව, නීත්‍යානුකූල උරුමකරුවන් අතර බෙදා හැරීම සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුව වෙත මුදල් බැර කිරීම හෝ ළඟම ඥාතියාට සෘජුවම මුදල් ගෙවීම සිදු කළ හැක.

ලේඛන කටයුතු අවසන් වූ පසු ශ්‍රමිකයාට හෝ ළඟම ඥාතියාට ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙනු ලැබේ.
________________________________________

8. සේවා වගකීම්

අමාත්‍යාංශය පහත කරුණු සම්බන්ධයෙන් වගකීම් දරයි:
•    දුරකථනය හෝ නිල සන්නිවේදන මාර්ග ඔස්සේ කාලෝචිත යාවත්කාලීන කිරීම් ලබා දීම
•    සියලුම කටයුතු සම්බන්ධයෙන් රහස්‍යභාවය ආරක්ෂා කිරීම සහ ගෞරවනීය ලෙස කටයුතු කිරීම තහවුරු කිරීම
•    මෙම ක්‍රියාවලිය පුරාවටම පැහැදිලි මගපෙන්වීමක් ලබා දීම
________________________________________

9. සම්බන්ධ විය හැකි ආකාර

වන්දි ගෙවීම් අංශය
කොන්සියුලර් කටයුතු අංශය
විදේශ කටයුතු අමාත්‍යාංශය

16 වන මහල, "සුහුරුපාය"
ශ්‍රී සුභූතිපුර පාර
බත්තරමුල්ල
ශ්‍රී ලංකාව
+94 11 227 5528
compensation.consular@mfa.gov.lk

මරණ අංශය (විදේශයන්හිදී සිදුවන මරණ)

ශ්‍රී ලාංකිකයෙකු විදේශයකදී මරණයට පත් වීම


ශ්‍රී ලාංකික පුරවැසියෙකු විදේශ රටකදී මිය ගියහොත්, සිදු කළ යුතු සියලු ක්‍රියා පටිපාටි සඳහා කොන්සියුලර් කටයුතු අංශය ශ්‍රී ලංකාවේ සිටින මිය ගිය පුද්ගලයාගේ පවුල්වලට සහාය වේ.
________________________________________

1. අපගේ සේවාවන්

කොන්සියුලර් කටයුතු අංශය පහත සඳහන් කටයුතු සඳහා සහාය ලබා දේ:
•    මෘත දේහය ආදාහනය කිරීම, භූමදානය කිරීම හෝ ශ්‍රී ලංකාවට නැවත ගෙන්වා ගැනීම (ආදාහනයෙන් පසු භෂ්මාවශේෂ සියරට ගෙන්වා ගැනීමද ඇතුළුව) සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම
•    ශ්‍රී ලංකාව තුළ නීතිමය පිළිගැනීම සඳහා විදේශයන්හි සිදුවන මරණ ලියාපදිංචි කිරීම 
•    ළඟම ඥාතීන් වෙත පෞද්ගලික භාණ්ඩ භාරදීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම
________________________________________

2. පළමුව කළ යුතු කාර්යයන්

ශ්‍රී ලාංකික පුරවැසියෙකු විදේශයකදී මරණයක් සිදුවූ අවස්ථාවක, කොන්සියුලර් ක්‍රියාපටිපාටි ආරම්භ කිරීම සඳහා ළඟම ඥාතියා විසින් අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.
වැදගත්: සම්පූර්ණ හා නිවැරදි ලියකියවිලි කඩිනමින් ඉදිරිපත් කිරීම මඟින් සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගත හැකි වේ.
ගාස්තු: ලියකියවිලි ඉදිරිපත් කිරීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ
________________________________________

3.  අවශ්‍ය ලියකියවිලි (සියලුම ආකාරයේ මරණ සඳහා)

•    කරුණාකර පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කරන්න:

     •    සම්පූර්ණ කරන ලද පැමිණිලි පත්‍රය (සිංහල / දෙමළ / ඉංග්‍රීසි
     •    ළඟම ඥාතියා  හෝ බලය පැවරෙන ලද  පුද්ගලයා විසින් ලබා දෙන කැමැත්ත ප්‍රකාශ කරන දිවුරුම් ප්‍රකාශය (සිංහල / දෙමළ / ඉංග්‍රීසි
     •    විරෝධතාවක් නොමැති බවට දිවුරුම් ප්‍රකාශය/ප්‍රකාශයන් (ළඟම ඥාතීන් කිහිප දෙනෙකු හෝ බලයලත් නියෝජිතයෙකු සම්බන්ධ වන අවස්ථාවලදී)
     •    මියගිය පුද්ගලයාගේ උප්පැන්න සහතිකය
     •    මියගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත (NIC) සහ ගමන් බලපත්‍රයේ පිටපත්
     •    ග්‍රාම නිලධාරී විසින් නිකුත් කර ප්‍රාදේශීය ලේකම් විසින් අනුමත කරන ලද පවුල් පසුබිම් වාර්තාව
     •    නම්වල වෙනස්කම් පවතින අවස්ථාවලදී එකම පුද්ගලයා බව තහවුරු කරන දිවුරුම් ප්‍රකාශය

________________________________________

4. අතිරේක ලියකියවිලි

4.1 මියගිය පුද්ගලයා විවාහකයෙකු නම්

•    විවාහ සහතිකය හෝ දික්කසාද සහතිකය (අදාළ වන පරිදි)
•    විවාහය නීත්‍යානුකූලව ලියාපදිංචි කර නොමැති නම්, විවාහ සම්බන්ධතාවය තහවුරු කරමින් කලත්‍රයා විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශය
•    කලත්‍රයාගේ ජාතික හැඳුනුම්පත (NIC) සහ උප්පැන්න සහතිකය
•    දරුවන්ගේ ජාතික හැඳුනුම්පත් (NIC) සහ උප්පැන්න සහතික (අදාළ වන පරිදි)
•    කලත්‍රයා මියගොස් ඇත්නම්, එම කලත්‍රයාගේ මරණ සහතිකය
________________________________________

4.2 මියගිය පුද්ගලයා අවිවාහකයෙකු නම්

•    දෙමාපියන්ගේ විවාහ සහතිකය
•    දෙමාපියන්ගේ සහ සහෝදර සහෝදරියන්ගේ ජාතික හැඳුනුම්පත් (NIC) සහ උප්පැන්න සහතික
•    අවිවාහක තත්ත්වය තහවුරු කරන දිවුරුම් ප්‍රකාශය (දෙමාපියෙකු විසින් හෝ දෙමාපියන් දෙදෙනාම මියගොස් ඇත්නම් සහෝදරයෙකු/සහෝදරියක විසින් ඉදිරිපත් කළ යුතුය)
________________________________________

5.  ලියකියවිලි ඉදිරිපත් කිරීම

5.1 රාජකාරී දිනවලදී

•    වේලාව: පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා

•    ලියකියවිලි පහත සඳහන් ස්ථාන වෙත ගෙනවිත් භාරදිය හැක.


     •    විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ මරණ අංශය
     •    ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල (මහනුවර, කුරුණෑගල, මාතර, යාපනය, ත්‍රිකුණාමලය)
     •    ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්

________________________________________

5.2  සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලදී

වේලාව: පෙ.ව. 8.30  සිට ප.ව. 4.00 දක්වා

ලියකියවිලි පහත සඳහන් ලිපිනය වෙත ගෙනවිත් භාරදිය හැක.

විදේශ කටයුතු අමාත්‍යාංශය
ජනරජ ගොඩනැගිල්ල
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

6. මෘත දේහ නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම

6.1 සුදුසුකම්

•    ශ්‍රී ලාංකික පුරවැසියන්
•    විදේශ ගමන් බලපත්‍ර හිමි ශ්‍රී ලංකාවේ උපන් පුද්ගලයන්
•    ශ්‍රී ලාංකික පුරවැසියන් සමඟ විවාහ වී ඇති විදේශීය පුරවැසියන්

________________________________________
6.2 මෘත දේහ නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි
•    අවලංගු කරන ලද ගමන් බලපත්‍රය (අනන්‍යතාව තහවුරු කිරීම සඳහා)
•    මරණයට හේතුව සඳහන් මරණ සහතිකය
•    මෘත දේහය සංරක්ෂණය කළ බවට සහතිකය (Embalming Certificate)
•    ආසාදන රෝගයක් නොමැති බව තහවුරු කරන සහතිකය
•    පොලිස් / හදිසි මරණ පරීක්ෂක  / අධිකරණ වෛද්‍ය වාර්තාව (අදාළ වන පරිදි)
•    අදාළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය / කොන්සියුලර් කාර්යාලය මගින් නිකුත් කරන ලද විරෝධතාවක් නොමැති බවට සහතිකය (No Objection Certificate)

________________________________________
6.3 විශේෂ සෞඛ්‍ය අවශ්‍යතා

ආසාදන රෝග සම්බන්ධ අවස්ථාවලදී මෘත දේහ නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සීමා කිරීමට ඉඩ ඇත.

මහජන සෞඛ්‍ය රෙගුලාසි මගින් පහත සඳහන් අවශ්‍යතා පැනවිය හැකිය:
•    විශේෂ අනුමැතිය ලබා ගැනීම
•    අනිවාර්ය පොරොත්තු කාලසීමා
•    විකල්ප විධිවිධාන (උදා: එම රට තුළම භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම)
________________________________________

7. විදේශයන්හි සිදුවන මරණ ලියාපදිංචි කිරීම

මරණයක් ලියාපදිංචි කිරීම මඟින් ශ්‍රී ලංකාව තුළ එයට නීතිමය පිළිගැනීමක් හිමි වේ.

ක්‍රියාවලිය:
1.    අවශ්‍ය ලියකියවිලි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරය වෙත ඉදිරිපත් කිරීම
2.    කොන්සියුලර් කටයුතු අංශය වෙත රුපියල් 8,180ක සැකසුම් ගාස්තුව ගෙවා, ලදුපත ලබා ගැනීම
3.    ශ්‍රී ලංකා මරණ සහතිකය ලබා ගැනීමට සූදානම් වූ විට, එය ලබා ගැනීම සඳහා පැමිණිය යුතු බවට ළඟම ඥාතියා වෙත දැනුම් දෙනු ලැබේ
4.    අතිරේක සහතික කළ පිටපත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකිය

________________________________________

8. මියගිය පුද්ගලයාගේ පෞද්ගලික භාණ්ඩ

මියගිය පුද්ගලයාගේ පෞද්ගලික භාණ්ඩ ළඟම ඥාතියා වෙත ආපසු භාරදීමට අපි සහාය ලබා දෙන්නෙමු.

8.1 ඉල්ලීමක් ඉදිරිපත් කරන ආකාරය

• කොන්සියුලර් කටයුතු අංශය වෙත විද්‍යුත් තැපෑල, තැපෑල හෝ පෞද්ගලිකව පැමිණ ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම
• භාණ්ඩ ලබා ගැනීම සඳහා සූදානම් වූ පසු, ඒ පිළිබඳව ළඟම ඥාතියා වෙත දැනුම් දෙනු ලැබේ

ගාස්තු: නොමිලේ
සාමාන්‍යයෙන් භාරදෙන භාණ්ඩ: ලියකියවිලි සහ ආභරණ
________________________________________

8.2 නියෝජිතයෙකුට බලය පැවරීම

•    නියෝජිතයෙකු විසින් අදාළ තානාපති කාර්යාලය / කොන්සියුලර් කාර්යාලය වෙතින් භාණ්ඩ සෘජුවම ලබා ගන්නේ නම්:

     •    ළඟම ඥාතියා විසින් නියෝජිතයාට බලය පැවරු බවට දක්වන දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය
     •    නියෝජිතයාගේ ගමන් බලපත්‍රයේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය

________________________________________

9. සේවා වගකීම්

අමාත්‍යාංශය පහත සඳහන් කරුණු සඳහා කැපවී සිටී:
•    දුරකථනය හෝ වෙනත් පවතින සන්නිවේදන ක්‍රම මඟින් ළඟම ඥාතියා වෙත කාලෝචිත යාවත්කාලීන තොරතුරු ලබා දීම
•    සියලුම කටයුතු රහස්‍යභාවය ආරක්ෂා කරමින් සහ ගෞරවාන්විතව හැසිරවීම
•    සමස්ත ක්‍රියාවලිය පුරාම පවුලේ සාමාජිකයන්ට පැහැදිලි මාර්ගෝපදේශනයක් සහ අවශ්‍ය සහාය ලබා දීම

________________________________________

10. සම්බන්ධ විය හැකි ආකාර

මරණ අංශය
කොන්සියුලර් කටයුතු අංශය
විදේශ කටයුතු අමාත්‍යාංශය

16 වන මහල, "සුහුරුපාය"
ශ්‍රී සුභූතිපුර මාවත
බත්තරමුල්ල
ශ්‍රී ලංකාව

+94 11 227 5525
death.consular@mfa.gov.lk

සියරට ගෙන්වා ගැනීමේ අංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සියරට ගෙන්වා ගැනීමේ අංශය, විදේශයන්හි විවිධ අභියෝගාත්මක තත්වයන්ට මුහුණ දෙන ශ්‍රී ලාංකික ජාතිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කොන්සියුලර් සහාය ලබා දෙයි. ඒ අනුව, මෙම අංශය විසින් විදේශ රටවල, අතරමං වූ, රඳවා තබා ගත්, අත්අඩංගුවට ගත් හෝ පොලිස් භාරයේ තබා ඇති ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම බන්ධනාගාර දඬුවම් විඳිමින් සිටින, පිටුවහල් කිරීමට මුහුණ දෙන හෝ මිනිස් ජාවාරමේ වින්දිතයින් ලෙස හඳුනාගත් අයව සියරට ගෙන්වා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙයි.

මීට අමතරව, මෙම අංශය, ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණයෙන්, විපතට පත්වූ ශ්‍රී ලංකික ධීවරයින් මෙරටට ගෙන්වා ගැනීමට සදහා අවශ්‍ය සහය ලබාදේ. 

සුදුසුකම: විදේශයන්හි සිටින ශ්‍රී ලාංකීයන් වීම

අයදුම්පත ඉදිරිපත් කිරීමේ ක්‍රමය:
• කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට සෘජුවම ඉදිරිපත් කිරීම; හෝ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල හරහා 
• අවශ්‍ය තොරතුරු සමඟ තැපෑලෙන් (අයදුම්පත්‍රය මේ සමඟ අමුණා ඇත);
•  විද්යුත් තැපෑලෙන්  (repatriation.consular@mfa.gov.lk)

අයදුම්පත් ලබා ගත හැකි ස්ථාන:
 

1. කොන්සියුලර් කටයුතු අංශය (ප්‍රධාන කාර්යාලය)
16 වන මහල, “සුහුරුපාය”
ශ්‍රී සුභූතිපුර පාර,
බත්තරමුල්ල
දුරකතන අංක- 0112275532

2. ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - යාපනය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
මහනුවර පාර,
යාපනය
දුරකතන අංක- +94212215972

3. මහනුවර
අංක 1065, 2 වන මහල,
මහින්ද රාජපක්ෂ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය,
ගැටඹේ, පේරාදෙණිය,
මහනුවර
දුරකතන අංක- +94812384410

4. කුරුණෑගල
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව,
අංක 02, දඹුල්ල පාර,
කුරුණෑගල
දුරකතන අංක- +94372225931

5. මාතර
අංක 391, අනගාරික ධර්මපාල මාවත,
පඹුරාන,
මාතර
දුරකතන අංක- +9441226697 /+9441226714

6. ත්‍රිකුණාමලය
ප්‍රධාන අමාත්‍ය ලේකම් කාර්යාලය,
ඇතුළත වරාය පාර,
ත්‍රිකුණාමලය
දුරකතන අංක- +94262223186 / +94262223182

•    අයදුම්පත් සඳහා ගෙවීම අවශ්‍ය නොවේ.
•    අයදුම්පත ඉදිරිපත් කිරීමට ගතවන කාලය: පැය 08:30 සිට පැය 15:00 දක්වා වැඩ කරන දින
•    මෙම සේවාව සඳහා ගාස්තු: නැත
    
සේවාව සැපයීමට ගතවන කාලය:
•    වාර්තා කරන ලද නඩු වල බරපතලකම මත රඳා පවතී;
•    අදාළ රටවල විමසීම් හෝ නීතිමය කටයුතු අවසන් වූ පසු;

අවශ්‍ය ලියකියවිලි:
• ස්ව්‍යං ඉල්ලීම් ලිපිය
• අදාළ පුද්ගලයාගේ විදේශ ගමන් බලපත්‍රයේ දත්ත පිටුවේ පිටපත
• ජාතික හැඳුනුම්පත (NIC) සහ පැමිණිලිකරුගේ සම්බන්ධතා තොරතුරු සනාථ කිරීම
• ලගම ඥාතීයාගේ (NOK) විස්තර: (උදා- සම්බන්ධ කරගත හැකි දුරකතන අංක/ ජාතික හැදුනුම් පත් අංකය/ උප්පැන්න සහතිකය හා විවාහවී ඇත්නම් විවාහ සහතිකය)
• විදේශගතව සිටින පුද්ගලයාගේ සම්බන්ධතා තොරතුරු

අමතර
• දේශීය හෝ විදේශ රැකියා ඒජන්සියෙන් ලබාගත් ලේඛන සනාථ කිරීම
• විකල්ප: ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයෙන් (SLBFE) ලියාපදිංචි කිරීමේ විස්තර

විවිධ කටයුතු

I. ප්‍රමාද වී සිදුකරන උප්පැන්න ලියාපදිංචිය (ශ්‍රී ලංකාවෙන් පිටත සිදුවූ උපත්) සඳහා පහසුකම් සැලසීම
II. විදේශීය උපාධිවල සත්‍යතාව තහවුරු කරගැනීමට සහාය වීම
III. විදේශීය පොලිස් නිෂ්කාශන සහතික ලබා ගැනීමට සහාය වීම
IV. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහ සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ පැමිණිලි සහ විමසීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම
V. ශ්‍රී ලාංකික පුරවැසියන් සිටින ස්ථාන සොයා ගැනීමට සහාය වීම
VI. ජංගම කොන්සියුලර් සේවා පැවැත්වීම සඳහා නිර්දේශ ලබා දීම
VII. වෙනත් කරුණු