Ministry News
විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවිය BestWeb.LK 2026 සම්මාන උළෙලේ රිදී සම්මානයෙන් පිදුම් ලබයි
ප්‍රකාශිත දිනය
img1

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.mfa.gov.lk, 2026 අගෝස්තු 12 වැනි දින Monarch Imperial හෝටලයේදී පැවැති BestWeb.LK 2026 සම්මාන උළෙලේදී, හොඳම රාජ්‍ය වෙබ් අඩවිය කාණ්ඩය යටතේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.
 

මෙය අමාත්‍යාංශය විසින් BestWeb.LK සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ ඇගයීමක් හිමිකරගත් පළමු අවස්ථාව වන අතර, එය අමාත්‍යාංශයේ ඩිජිටල් ක්‍රියාකාරීත්ව ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයිඅමාත්‍යාංශයේ ඩිජිටල් ප්‍රවේශය ශක්තිමත් කිරීම සහ වඩාත් ආරක්ෂිතප්‍රවේශ විය හැකිවිශ්වාසනීය හා පරිශීලක හිතකාමී අන්තර්ජාල වේදිකාවක් සංවර්ධනය කිරීම සඳහා සිදු කළ ප්‍රගතිය මෙම සම්මානය මගින් ඇගයීමට ලක් කර ඇත.

 

මෙම ජාතික මට්ටමේ ඇගයීම, විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ දැක්ම මෙන්ම, වෙබ් අඩවිය සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම, අන්තර්ගතය සකස් කිරීම, පරිවර්තනය, සමාලෝචනය, පරීක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා දායක වූ අමාත්‍යාංශ නිලධාරීන්ගේ සාමූහික ප්‍රයත්නයන් පිළිබිඹු කරයිමෙම කාර්යය සඳහා වෙබ් අඩවි සංවර්ධක Frontwalker (Pvt) Ltd පුද්ගලික ආයතනයේ සහායද හිමි විය.

 

LK Domain Registryවිසින් සංවිධානය කරනු ලබන BestWeb.LKසම්මාන උළෙල, වෙබ් අඩවි නිර්මාණය, තාක්ෂණික ක්‍රියාකාරීත්වය, අන්තර්ගතය, පරිශීලක අත්දැකීම, ප්‍රවේශවීමේ හැකියාව සහ නවෝත්පාදනය යන ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙබ් තරගාවලියකි. හොඳම රාජ්‍ය වෙබ් අඩවිය කාණ්ඩය යටතේ, මහජනතාව වෙත තොරතුරු සහ සේවා ඵලදායී ලෙස සැපයීමේ හැකියාව පෙන්නුම් කරන රාජ්‍ය අංශයේ වෙබ් අඩවි ඇගයීමට ලක් කෙරේ.
 

2026 මැයි 18 වැනි දින යාවත්කාලීන කර දියත් කරන ලද අමාත්‍යාංශයේ නව වෙබ් අඩවිය, පොදු වෙබ් අඩවි වේදිකා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කර ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ තානාපති කාර්යාලද ආරක්ෂිතප්‍රමිතිගත සහ මධ්‍යගතව කළමනාකරණය වන ඩිජිටල් රාමුවක් වෙත ගෙන ඒමයි. මෙම වේදිකාව මගින් නිල තොරතුරුවල නිවැරදිභාවය සහ ඒකාකාරීභාවය වැඩිදියුණු කිරීමප්‍රවේශවීමේ හැකියාව සහ වෙබ් අඩවි ආරක්ෂාව ශක්තිමත් කිරීම මෙන්ම තොරතුරු සහ සේවා කාර්යක්ෂමව සැපයීම සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ඇත.
 

අමාත්‍යාංශය සිය ඩිජිටල් පැවැත්ම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට සහ පොදු වෙබ් අඩවි වේදිකා සංවර්ධන ව්‍යාපෘතිය 2026 අගෝස්තු 31 වැනි දින වන විට සම්පූර්ණ කිරීමට කැපවී සිටී. සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ තානාපති කාර්යාලවල වෙබ් අඩවි ඒකාබද්ධ, කාර්යක්ෂම, ප්‍රවේශ විය හැකි සහ පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් රාමුවක් යටතට ගෙන ඒම මෙහි අරමුණයි.
 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 අගෝස්තු 20 වැනි දින

 

Show as Media Release on Homepage