අමාත්‍යාංශය

විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා රජයේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධීකරණය කිරීම හා ක්‍රියාත්මක කරයි. විදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් හා විදේශ රටවල පිහිටි දූත මණ්ඩලවලින් සමන්විත වේ.

1948 වර්ෂයේ, ශ්‍රී ලංකාව නිදහස ලබාගැනීමෙන් පසුව විදේශ කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන් මෙම අමාත්‍යාංශය නිල වශයෙන් පිහිටුවන ලදී. එකල මෙය  අග්‍රාමාත්‍යවරයාගේ සෘජු පාලනය යටතේ පැවතිණි. 1977 වසරේදී රජය විසින් මෙම අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය නමින් අමාත්‍යාංශ දෙකක් වශයෙන් බෙදා වෙන් කරන ලදී. 1978 වසරේ පෙබරවාරි 04 වැනි දින ඒ.සී.එස්. හමීඩ් මහතා පළමු විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබීය. ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු පත්වූ විදේශ අමාත්‍යවරුන්ගේ නාමාවලිය http://www.mfa.gov.lk/former-foreign-ministers/  යන සබැඳිය ඔස්සේ  ලබාගත හැකිය.

Close