Prime Minister's Vesak Day Message

Prime Minister’s Vesak Day Message

Vesak Message

Dhamma or the teachings of Buddha is a purifying factor for the human mind propelled by lust, hate and violence. The pious festival of Vesak reminds us the virtues of practising four focuses of mindfulness in order to dwell with Dhamma as no other refuge.

It is a time for reflection and appreciation of our humanity, and to lead a life full of equality, fraternity, respect and understanding. The unity Government is determined to make the prospects of a harmonious society a reality through the protection of democratic rights of people.

May the full moon of Vesak take away the darkness of ignorance, bigotry and hatred towards others and it may herald an era of contentment, peace and evocation for the whole world.

On this auspicious Vesak day you may be blessed with the sublime goodness of Lord Buddha!

 

Ranil Wickremesinghe
Prime Minister

April 26 2018


Vesak-PM
Download PDF

 


වෙසක් පණිවුඩය

බුදු දහමටත්, බුදු සසුනටත් ගරු කරන දැහැමි ජනතාවක් ලෙස බුදුන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය තුළ අප කොතෙක් දුරට ගමන්කරමින් සිටින්නේද යන්න සිතා බැලීමට මේ වෙසක් උත්සවය කදිම අවස්ථාවකි.

 

පාලකයා විසින් සියලූ සමාජ කොටස් වෙත ධාර්මික ලෙස රක්‍ෂාවරණය සැපයිය යුතු බවත්, ජනතාව සතු දෑ අවහිරයකින් තොරව භුක්ති විඳීමට ඉඩ ලැබෙන, ජීවිතාරක්‍ෂාව ඇති, පවුල් ජීවිතය සුරැකෙන, මුසාවෙන් තොර අදහස් හුවමාරුවකට ඉඩ සලසාලන, මිනිස් අයිතීන් සුරක්‍ෂිත වන පරිසරයක් නිර්මාණය කිරීම පාලකයාගේ යුතුකම බවත් චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි සඳහන්ය.

 

එබඳු යහපත් සමාජයක් ගොඩනැංවීම සඳහා දැඩි දුෂ්කරතා මධ්‍යයේ රජයක් ලෙස අපි කටයුතු කරමින් සිටින්නෙමු. ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් සුරැකෙන සදාචාරසම්පන්න සමාජය යථාර්ථයක් බවට පත්කිරීම දැනඋගත්, ශිෂ්ටසම්පන්න සෑම පුරවැසියකුගේම අපේක්ෂාව බව අපි දනිමු.

 

මෙත්, මුදිතා, කරුණා, උපේක්ෂා ප්‍රමුඛ වූ බුදුන් වහන්සේ වදාළ ධර්ම මාර්ගය එකී සමාජය ගොඩනැංවීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනම සපයන බව විවාදයෙන් තොරය. තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් බුදු දහම ආවරණයක් කර ගැනීමට තැත් නොකොට, සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් බුදු දහම නිසියාකාරයෙන් පිළිපැදීමට මේ වෙසක් දිනයේ අදිටන් කර ගනිමු.

 

ඒ සඳහා සැම සිත් පහන් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා

 

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය

 

2018 අප්‍රේල් 26

Hon.-Prime-Ministers-Vesak-Day-Message-Sinhala
Download PDF

 


 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close