ගරු මංගල සමරවීර ඇමතිතුමා විසින් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරන ලද කරුණු පැහැදිලි කිරීම: 2015 ජුනි 22 දින

ගරු මංගල සමරවීර ඇමතිතුමා විසින් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරන ලද කරුණු පැහැදිලි කිරීම: 2015 ජුනි 22 දින

(Remarks to Media by Hon Mangala Samaraweera, Minister of Foreign Affairs on matters related to Diaspora: 22 June 2015 [In Sinhala])

Transcript follows below:-

Tamil translation at end of transcript.

(English translation to follow)

Video at: https://www.youtube.com/embed/fAX4OhKeNcE (Approx. 6.54 minutes)

ගරු මංගල සමරවීර ඇමතිතුමා විසින් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරන ලද කරුණු පැහැදිලි කිරීම: 2015  ජුනි 22 දින

මම කතාව අවසන් කරන්න ඉස්සෙල්ලා තව වචන කීපයක් මේ මාධ්‍ය දැක්ක නිසා මේ වෙලාව සිංහලෙන් කියන්න කැමතියි.

මොකද මං දැක්කා මේ අද උදේ එනකොට, පුවත්පත් බලනකොට, එක්තරා දේශපාලන පක්ෂ නියෝජිතයෙක් මා විසින් ඉදිරිපත් කරන ලද ඩයස්පෝරා උළෙල සම්බන්ධයෙන් විකෘති වූ අදහස්  ප්‍රකාශ කරළා තිබුනා, එහි ප්‍රකාශ කරළා තිබුනා, මේ උළෙලට එක්සත්  ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සලයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 3 ½ක් ලැබෙන බවත්, මේක ඊලාම්වාදය යළි වතාවක් ලංකාවට ගෙන ඒමේ වෑයමක් කියලත් පුවත්පත්වල අද ප්‍රකාශයට පත්වෙලා තිබුනා.

පැහැදිලිවම මේ ප්‍රකාශ දෙකම සම්පූර්ණයෙන්ම අසත්‍යයි කියන එකත් මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම  අපේ  නව තානාපතිවරුන් ඉදිරියේ කියන්න කැමැතියි. මෙම ඩයස්පෝරා උළෙල කාගෙවත් අදහසක් නෙමෙයි, මම ඉදිරිපත් කරපු අදහසක්.

විශේෂයෙන්ම, අපි දැක්කා පසුගිය කාලයේ විශේෂයෙන්ම අයර්ලන්තයේ, ඒ වගේම ඉන්දියාවේ තමන්ගේ රටවල්වල විදේශගතව සිටින පුරවැසියන් නැවත වතාවක් ගෙනල්ලා ඒ රටේ සංවර්ධන ක්‍රියාවලියට එකතු කරගැනීමේ විශාල උත්සව කිහිපයක් තිබුනා.

අන්න එහෙම නම් ලංකාවෙත් ඒ වගේම අති දක්ෂ, ඒ වගේම ලෝකයේ විවිධ රටවල්වල ඉහළම ස්ථානවල තනතුරු ලබාගත්ත ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා, ලාංකිකයන්. ඩයස්පෝරා කිව්වම නූගත් තක්කඩියන් හිතන්නෙ මේක මේ අං තියන අඟහරු ලෝකයෙන් ආපු ත්‍රස්තවාදීන් කියලා. එහෙම එකක් නෑ. ඩයස්පෝරාවයි කියෙන්නෙ, සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න  පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන, බර්ගර්,  විශාල බර්ගර් ඩයස්පෝරාවක් ඕස්ට්‍රේලියාවෙ ඉන්නවා. මේ හැම කෙනෙක්ම ඇත්ත වශයෙන්ම පසුගිය කාලය පුරාම ලංකාවේ තමන්ගේ මව්බිමෙන් වෙනත් රටවල්වලට ගිහිල්ලා එහි පදිංචිවෙලා, ඒ රටවල්වල ඉහළම ස්ථානවලට එන්න පුළුවන් වෙලා තියනවා.

ලෝකයේ අපි දන්නවා නාසා වගේ ප්‍රධාන ආයතනවල ශ්‍රී ලාංකික විද්‍යාඥයන්,  මට ආරංචි හැටියට 10 දෙනෙකුට වඩා වැඩ කරනවා. ලෝකයේ විවිධ රටවල්වල ලෝකයේ සිටින හොඳම වෛද්‍යවරුන් ඉන්නවා, හොඳම ව්‍යාපාරිකයන් ඉන්නවා, හොඳම කලාකරුවන් ඉන්නවා, සාහිත්‍යය පැත්තෙන් විශාල වශයෙන්    ඕස්ට්‍රේලියාවෙ ඩික්ෆස්ටර්  කියලා ලංකාවෙන් ගියපු බර්ගර් කාන්තාව, අද ප්‍රධාන පෙළේ කතුවරියක්. ඉන්දියාවේ, කැනඩාවේ, ප්‍රාන්ස්වල  ඒ වගේ ප්‍රධාන පෙළේ කර්තෘවරුන් ඉන්නවා. රොමේෂ් ගුණසේකර වගේ ඒත් මේ වගේ, මේ වගේ හැම ක්ෂේත්‍රයකම ඉතාමත් දක්ෂයන් ඉන්නවා, ලෝකයෙ හොඳම කෝකියො ඉන්නවා. පිටරටවල්වල නිව්යෝක් නගරයට ගියොත්, ටෝකියෝ වලට ගියොත් සමහර ඉහළම පෙළේ භෝජන ශාලාවල වැඩ කරන්නේ ලාංකිකයන්. එනිසා මේ හැමකෙනෙක්ම අපි අපේ මේ අලුත් ගමනට එකතු කරගන්න ඕන, අපි මේ රටේ සංවර්ධනයට එකතු කරගන්න ඕන, ඒ අය විශාල වශයෙන් වත්කම් තියෙන අය ඉන්නවා. අපි විදේශිකයන් පස්සෙ යනවා සල්ලි හොය හොය ආයෝජනයට.

අපි ශ්‍රී ලාංකිකයන් විතරක් මේ රටේ ආයෝජන කරලා ලංකාවට ලොකු පිම්මක් ඉස්සරහට යන්න පුලුවන් ඒක නිසා මම අහනවා මේ අයව යළි වතාවක් ලංකාවට ගෙනල්ලා ලංකාවට එන්නෙය කියලා ආරාධනා කරලා අවුරුද්ද අන්තිමේදී එහෙම නැත්නම් ඊළඟ අවුරුදු මුල් භාගෙය්දී වගේ ඒ අයගේ දක්ෂකම් අපේ මේ තරුණ පරපුරත් එක්කත් බෙදාහදා ගන්නයි කියලා ආරාධනා කරනවා, ඒ අයත් මේ අපේ ඉදිරි ගමනට එකතු වෙන්නෙයි කියන එක වරදක්ද කියලා අහනවා.

ඒ ශ්‍රී ලාංකිකයන් තමන්ගේ මහගෙදරට යළි වතාවක් ඇවිල්ලා මහගෙදර ගොඩනගන්න උදව් ගන්න එක වරදක්ද කියලා මං මේ අවස්ථාවේදි අහනවා. ඒ අයගේ හැකියාවන් කුසලතා අපේ රටේ දියුණුව වෙනුවෙන් එකතු කරගන්න එක වරදක් ද කියලා මං අහනවා.

නමුත් නිදහස ලබාගත්ත දවසෙ ඉඳලා මිත්‍රවරුනි, මේ රටේ ඉන්න අන්තවාදීන් අතළොස්ස තමයි හැමදාම මේ අපේ රටේ ඉදිරි ගමනට බාධා කළේ. දෙමළ අන්තවාදය එක පැත්තක තියනවා, සිංහල අන්තවාදය අනික් පැත්තෙ තියනවා. දෙමළ අන්තවාදයත් සිංහල අන්තවාදයත් කියන්නෙ මම නම් කියන්නෙ එකම කාසියක දෙපැත්තක් විතරයි. නමුත් මේ අවුරුද්දෙ ජනවාරි මාසය 8 වෙනිදා  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයත් සමඟ මේ රටේ බහුතරයක් වූ මධ්‍යස්ථ මතධාරීන් ජයග්‍රහණය කරා.

"The Victory of the 8th of January, was a great victory for moderation and liberal politics." ඒක අපි මතක තියාගන්න ඕන. එහෙම නම් යළි වතාවක් අපි මේ අන්තවාදයට, දෙමළ වේවා සිංහල වේවා වෙනත් අන්තවාදයක් වේවා හිස ඔසවන්නට නොදී මේ රට ඉදිරියට ගෙනයාම සඳහා විශේෂයෙන්ම අපේ තානාපතිවරුන් හැටියට තමුන්නාන්සේලා ඉදිරියේ දී අපට සහයෝගය ලබාදෙන්නයි කියලා ඉල්ලා සිටිමින් යළි වතාවක් මෙම කටයුත්ත සංවිධානය කරපු බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජතාන්ත්‍රික පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයටත්, ඒ වගේම විදේශ අමාත්‍යාංශයටත්, විශේෂයෙන්ම මේ ස්ථානයේ අද සුළු වෛද්‍ය ප්‍රශ්නයක් නිසා නොහිටියත් අපේ අමාත්‍යාංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීශ්වර මහත්මියටත් මාගේ ස්තුතිය පිරිනමමින්, තමුන්නාන්සේලා සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

22 June 2015.

Remarks to Media (Word Document)

Remarks to Media (PDF format)

Tamil Translation below:-

Remarks to Media in Tamil (Word Document)  & (PDF Format)

Print Friendly, PDF & Email
Please follow and like us:

Close