තායිලන්ත රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා වන සිහසක් ෆුවැන්ග්කෙට්කියෝ (Sihasak Phuangketkeow) 2026 නොවැම්බර් මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ෆුවැන්ග්කෙට්කියෝ අග්‍රාමාත්‍යවරයා, මහා වජිරලොන්කෝන් ෆ්රාවජිරක්ලාවෝචායුහුවා රජතුමාගේ රාජකීය නියෝජිතයා වශයෙන්, 2026 නොවැම්බර් මස 21 වැනි දින මහනුවර අස්ගිරි මහා විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත රාජකීය කඨින පූජා උත්සවයට සහභාගී වීමට නියමිතය.
දින තුනක මෙම සංචාරය අතරතුර, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට ද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගනු ලබන ගිවිසුම මෙම සංචාරය අතරතුර අත්සන් තැබීමට නියමිතය. සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන්ට දෙරට අතර සංචාරය කිරීම වඩාත් පහසු කිරීම තුළින් දෙරටේ ජනතාව අතර සබඳතා හා අන්තර් සබඳතාවන් තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙය සනිටුහන් වනු ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01
2026 නොවැම්බර් මස 20 වැනි දින

