Ministry News
කොළඹ පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පළමු දේශපාලන උපදේශන සාකච්ඡා සාර්ථකව අවසන් කරමින් ද්විපාර්ශ්වික සබඳතාවල නව පරිච්ඡේදයකට මුල පුරයි
ප්‍රකාශිත දිනය

ශ්‍රී ලංකාවේ සහ ඉන්දුනීසියා ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශ අතර පළමු දේශපාලන උපදේශන සාකච්ඡා වටය 2026 සැප්තැම්බර් 22 වැනි දින කොළඹදී පැවැත්විණි. මෙය දෙරට අතර දිගුකාලීන හා මිත්‍රශීලී සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 

මෙම උපදේශන සාකච්ඡා ආරම්භ වූයේ දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ අතර නිතිපතා ද්විපාර්ශ්වික සංවාදයක් සහ වැඩිදියුණු කළ සහයෝගීතාවක් සඳහා විධිමත් රාමුවක් ස්ථාපිත කරමින් අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබීමෙනි. පොදු උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවීමට සහ ආයතනික සබඳතා ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයේම ඇති කැපවීම මෙම අවබෝධතා ගිවිසුම මඟින් යළිත් තහවුරු කෙරේ.

ශ්‍රී ලංකා දූත පිරිස විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජ විසින් මෙහෙයවන ලද අතරඉන්දුනීසියානු දූත පිරිස ඉන්දුනීසියා ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා-පැසිෆික් සහ අප්‍රිකානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සන්තෝ දර්මසුමාර්තෝ විසින් මෙහෙයවන ලදී.

විදේශ කටයුතු ලේකම් අරුණි රණරාජ සිය ආරම්භක දේශනයේදී දෙරට අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය අවධාරණය කළ අතරවිශේෂයෙන්ම නොබැඳි ව්‍යාපාරය ඇතුළු ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා දෙරට විසින් ඉටු කරන ලද පුරෝගාමී කාර්යභාරය සිහිපත් කළාය. ඊට ප්‍රතිචාර දක්වමින් ආසියා-පැසිෆික් සහ අප්‍රිකානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය දර්මසුමාර්තෝදෙරට අතර නිත්‍ය සම්බන්ධතාවක් පවත්වාගෙන යාම සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා ව්‍යුහගත රාමුවක් ලෙස අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව ප්‍රසාදය පළ කළේය. එමෙන්මදෙපාර්ශ්වයටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසෙන ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීමට පවතින අවස්ථා පිළිබඳව ද ඔහු අවධාරණය කළේය.

සාකච්ඡා අතරතුරදීඖෂධඛනිජ ද්‍රව්‍ය සහ රෙදිපිළි යන ක්ෂේත්‍රවල වෙළෙඳ හා ආයෝජන කටයුතු පුළුල් කිරීම මෙන්ම දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර වඩාත් ශක්තිමත් සබඳතා ප්‍රවර්ධනය කිරීම ඇතුළුව ආර්ථික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟ වූහ. ඉහළ පෙළේ නිලධාරීන් අතර නිත්‍ය අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීමව්‍යවස්ථාදායක ආයතන අතර සහයෝගීතාව පුළුල් කිරීමආරක්ෂක සහ සාගරික ආරක්ෂක සහයෝගීතාවමතුවෙමින් පවතින අන්තර්ජාතික තර්ජනවලට එරෙහිව කටයුතු කිරීම සඳහා බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමපොහොර සැපයීම ඇතුළු කෘෂිකාර්මික සහයෝගීතාව මෙන්ම ධීවර සහයෝගීතාව යන කරුණු ද සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන ක්ෂේත්‍ර අතර විය.

දෙරට අතර සංචාරක සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට සහ වීසා ක්‍රියාවලීන් පහසු කිරීමට ඇති සැලකිය යුතු විභවය පිළිබඳව ද දෙපාර්ශ්වය අවධානය යොමු කළහ. එමඟින් බාධාවකින් තොර සංචාරක පහසුකම් සැලසීම සහ සම්බන්ධතාව වඩාත් පුළුල් කිරීම අපේක්ෂා කෙරේ. තවදජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපනික සහ සංස්කෘතික සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද හඳුනා ගන්නා ලදී.

ශ්‍රී ලංකාව විසින් ආසියාන් අංශීය සංවාද හවුල්කාරිත්ව (ASEAN Sectoral Dialogue Partnership - SDP) තත්ත්වය ලබා ගැනීම සඳහා වන ශ්‍රී ලංකාවේ අපේක්ෂාවට මෙන්ම කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයට (Regional Comprehensive Economic Partnership - RCEP) එක්වීම සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයට ඉන්දුනීසියානු පාර්ශ්වයේ සහාය ලබා දෙන ලෙස කළ ඉල්ලීම යළි අවධාරණය කළ අතරඑම ඉල්ලීම ඉන්දුනීසියානු පාර්ශ්වය විසින් නිසි පරිදි සලකා පිළිගන්නා ලදී.

2027 වර්ෂයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75ක් සපිරීම නිමිත්තෙන් වසර පුරා ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට දෙරටේ දූත පිරිස් එකඟ වූහ. මෙම ඓතිහාසික සන්ධිස්ථානය දෙරට විසින් අත්කරගත් පොදු ජයග්‍රහණ සැමරීමට මෙන්ම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා නව මංපෙත් සොයා බැලීමට වැදගත් අවස්ථාවක් වන බව ද අවධාරණය කරන ලදී.

දෙවන දේශපාලන උපදේශන සාකච්ඡා වටය 2028 වර්ෂයේදී ජකර්තා නුවරදී පැවැත්වීමට තීරණය කරමින් මෙම උපදේශන සාකච්ඡා අවසන් වූ අතරනිත්‍ය සංවාදය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා දෙපාර්ශ්වය සතු පොදු කැපවීම යළිත් තහවුරු කරන ලදී.

ශ්‍රී ලංකා දූත පිරිසට ඉන්දුනීසියාව සහ ආසියාන් සංවිධානය සඳහා ශ්‍රී ලංකා තානාපතිනි ශෂිකලා ප්‍රේමවර්ධනඅතිරේක ලේකම්/දේශපාලන කටයුතු එම්. ආර්. කේ. ලෙනගලඅධ්‍යක්ෂ ජනරාල්/අග්නිදිග ආසියානු සහ මධ්‍යම ආසියානු කටයුතු චාමරි රොද්‍රිගෝ සහ අදාළ රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළත් වූහ.


විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 සැප්තැම්බර් 23 වැනි දින

Show as Media Release on Homepage