Ministry News
වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව ශ්‍රී ලංකාවේ සංචාරයක
ප්‍රකාශිත දිනය

වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව (SPT) 2026 ජුනි 15 වැනි දින සිට 24 වැනි දා දක්වා ශ්‍රී ලංකාව වෙත සිය දෙවැනි සංචාරය සිදු කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව, 2017 දෙසැම්බර් මාසයේදීවධහිංසාවට එරෙහි සම්මුතියේ විකල්ප ප්‍රොටෝකෝලයට (OPCAT) ඇතුළත් වීමෙන් අනතුරුවවධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව සිය පළමු ශ්‍රී ලංකා සංචාරය 2019 අප්‍රේල් මාසයේදී සිදු කළේය. එයට ඇතුළත් වන අවස්ථාවේදීශ්‍රී ලංකා රජය විසින්වධහිංසාවට එරෙහි සම්මුතියේ විකල්ප ප්‍රොටෝකෝලය යටතේ ජාතික වධහිංසා වැළැක්වීමේ යාන්ත්‍රණය (NPM) ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL)” පත් කරන ලදී.

එළඹෙන සංචාරයේදීසිව් දෙනෙකුගෙන් යුත් වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුවේ නියෝජිත පිරිස විසින් අමාත්‍ය මට්ටමින් රැස්වීම් පවත්වනු ඇති අතර, රජයේ අදාළ අමාත්‍යාංශදෙපාර්තමේන්තු සහ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සම්බන්ධ වනු ඇත. නියෝජිත පිරිසශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයින් සහ සිවිල් සමාජ සාමාජිකයින් ද හමුවනු ඇත. 

ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලවවිවෘතනිර්මාණාත්මක සහ විනිවිද පෙනෙන ආකාරයකින් අනුකමිටුව සමඟ කටයුතු කරනු ඇති අතරආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවඅදාළ ජාත්‍යන්තර ලේඛන සම්බන්ධයෙන් ඇති සිය සම්මුතිගත බැඳීම් ස්වේච්ඡාවෙන් ඉටු කරනු ඇත.

නියෝජිත පිරිසටඅයිෂා ෂුජූන් මුහම්මද් (නියෝජිත පිරිසේ ප්‍රධානී-මාලදිවයින)යාකුබ් ජූලියන් චෙපෙක් (පෝලන්තය)අනිකා ටොම්සික් (ක්‍රොඒෂියාව)සහ නීකා ක්වාරට්ස්කෙලියා (ජෝර්ජියාව) ඇතුළත් වේ. ඔවුන් සමඟ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටු ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද මෙරටට පැමිණෙනු ඇත.

වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව විසින් මෙම සංචාරය ඔවුන් සතු බලතල අනුව සිදු කෙරේ.

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ 

 

2026 ජුනි 12 වැනි දින



 

Show as Media Release on Homepage