Ministry News
අමාත්‍ය විජිත හේරත්ගේ ඕස්ට්‍රේලියානු නිල සංචාරය
ප්‍රකාශිත දිනය
img1

ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයෙන් විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් 2026 ජුනි 1 වැනි දින සිට 3 වැනි දා දක්වා ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුරදීඅමාත්‍ය හේරත්ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් සමඟ වෙළෙඳආරක්ෂක සහයෝගීතාවසංචාරකඅධ්‍යාපන සහ ක්‍රීඩා ඇතුළු පුළුල් පරාසයක් ආවරණය වන පරිදි සාකච්ඡා පැවැත්වීය. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කථානායකමිල්ටන් ඩික්කුඩා ව්‍යාපාරජාත්‍යන්තර සංවර්ධන සහ බහු සංස්කෘතික කටයුතු අමාත්‍ය ඈන් ඇලිඉන්දියානු සාගර සබඳතා සඳහා විශේෂ නියෝජිත ටිම් වොට්ස් සහ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම සමඟ ද අමාත්‍ය හේරත් සාකච්ඡා පැවැත්වීය. 

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ශ්‍රී ලංකාව ඇතුළත් කර ගැනීම සඳහා වන අයදුම්පත සඳහා ඕස්ට්‍රේලියාව සිය සහයෝගය නැවත ප්‍රකාශ කිරීම එම සාකච්ඡාවල වැදගත් ප්‍රතිඵලයක් විය. 

අමාත්‍ය හේරත්වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර මාග්‍රට් ගාඩ්නර් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ මහාමාත්‍ය ජසින්ටා ඇලන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය. 

මෙම සංචාරයේ ව්‍යාපාර සහ ආයෝජන ආශ්‍රිත වැඩසටහනේ කොටසක් ලෙසවික්ටෝරියා ප්‍රාන්ත රජයේ වෙළෙඳ පහසුකම් සැපයීමේ ආයතනය වන ග්ලෝබල් වික්ටෝරියා විසින් පවත්වන ලද ශ්‍රී ලංකා - වික්ටෝරියා කර්මාන්ත වටමේස සාකච්ඡාවේදී  අමාත්‍යවරයා සිය අදහස් දැක්වූ අතරව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන් සමඟ ව්‍යාපාර ජාලකරණ සැසියකට ද සහභාගී විය.

ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව සමඟ සමීප සබඳතා වර්ධනය කිරීමේ රජයේ කැපවීම නැවත තහවුරු කිරීමට අමාත්‍යවරයාට අවස්ථාවක් සලසා දෙමින්කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදීශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සම්බන්ධ වීමේ වැඩසටහනක් ද මෙම සංචාරයට ඇතුළත් විය.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයෙකු දශකයකට වැඩි කාලයකට පසු ඕස්ට්‍රේලියාව වෙත සිදු කළ පළමු නිල සංචාරය මෙය වන අතරමෑතකදී ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාව වෙත සිදු වූ ඉහළ මට්ටමේ සංචාර සමඟින්පුළුල් පරාසයක අංශ හරහා ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේ නව කැපවීම මෙහිදී පිළිබිඹු විය.

කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකරනැගෙනහිර ආසියා සහ ඕෂනියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්ක, අමාත්‍යවරයා සමඟ රැස්වීම් සඳහා සහභාගී වූ අතරමෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරිය වික්ටෝරියා හි පැවති වැඩසටහන් සඳහා එක්වූවාය. 

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය 
කොළඹ

2026 ජුනි 5 වැනි දින

 

img2
Show as Media Release on Homepage