නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු රජයන් විසින් සිදු කරනු ලැබූ ආරාධනය අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් 2026 මැයි 26 වැනි දින සිට ජුනි 3 වැනි දා දක්වා එම රටවල නිල සංචාරයක නිරත වේ.
මෙම සංචාරය අතරතුරදී, අමාත්‍ය හේරත්, සිය පාර්ශ්වකරුවන් වන නවසීලන්ත අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සහ ඕස්ට්‍රේලියානු අමාත්‍ය පෙනී වොන්ග් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
ඔහු, දෙරටේ රජයන්වල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්, නිලධාරීන්, ව්‍යාපාරික නායකයින්, විද්වතුන්, චින්තකයින් සහ එම රටවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින් ද හමුවනු ඇත.
වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය උත්සවාකාරයෙන් විවෘත කිරීම, නවසීලන්ත සංචාරයේ ප්‍රධාන විශේෂාංගයක් වනු ඇත.
මෙම සංචාරය තුළින්, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟ ඇති දිගුකාලීන ශ්‍රී ලාංකික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම අපේක්ෂා කෙරේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01
2026 මැයි 24 වැනි දින

