Ministry News
මාධ්‍ය ප්‍රකාශය
ප්‍රකාශිත දිනය
ඊශ්‍රායල අමාත්‍ය ඉටමාර් බෙන්-ගිවීර් විසින් පළ කරන ලද, “Global Sumud Flotilla” හි රැඳවියන්ට අමානුෂික ලෙස සලකන ආකාරය නිරූපණය කෙරෙන වීඩියෝ පට සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ල සහ සංවේගය පළ කරයි.
බලපෑමට ලක් වූ ශ්‍රී ලාංකික තරුණියගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ ගෞරවය සහතික කිරීම සහ කඩිනමින් සහ ආරක්ෂිතව ශ්‍රී ලංකාවට නැවත ගෙන්වා ගැනීම ද ඇතුළත් වන ක්ෂණික කොන්සියුලර් සහාය සහතික කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, දැනටමත් රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටී.
විදේශයන්හි සිටින සිය පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මුළුමනින්ම කැපවී කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01
2026 මැයි 21 වැනි දින
Show as Media Release on Homepage

