Ministry News
ශ්‍රී ලංකාවේ ලක්සම්බර්ග් තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය

ලක්සම්බර්ග් මහා ආදිපාද රාජ්‍යයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින, ලක්සම්බර්ග් මහා ආදිපාද රාජ්‍යයේ අති විශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අතිගරු ක්‍රිස්ටියන් බීවර් මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අප්‍රේල් 20 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01
2026 අප්‍රේල් 20 වැනි දින




Show as Media Release on Homepage

