Ministry News
ශ්‍රී ලංකාවේ කුවේට් තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය

කුවේට් රාජ්‍යයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, කුවේට් රාජ්‍යයේ නේවාසික තානාපතිවරයා ලෙස අතිගරු සාලේහ් මුබාරක් අල්-සරාවි මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අප්‍රේල් 20 වැනි දින පෙ.ව.10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01
2026 අප්‍රේල් 20 වැනි දින





