පසුගිය සතියේ පිලිපීනයේ මැනිලා නුවර පැවැති ආසියාන් කලාපීය සංසදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමේදී, සංවාදය, විශ්වාසය ගොඩනැගීම, ගැටුම් වැළැක්වීමේ රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ ප්‍රායෝගික සහයෝගීතාව සඳහා වැදගත් වේදිකාවක් ලෙස ක්‍රියා කරන ආසියාන් කලාපීය සංසදයේ අරමුණු සහ මූලධර්ම කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම නැවත තහවුරු කළේය.
2007 වසරේ සිට ආසියාන් කලාපීය සංසදය තුළ, ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී භූමිකාව සිහිපත් කරමින්, ආසියාන් ආංශික සංවාද හවුල්කාරිත්වය අනුගමනය කිරීම ඇතුළුව ආසියාන් සංසදය සමඟ තවදුරටත් පුළුල් සම්බන්ධතාවක් ඇතිකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව, ශ්‍රී ලංකා දූත පිරිස නැවත අවධාරණය කළහ.
2023–2026 කාලය තුළ ආසියාන් කලාපීය සංසද ක්‍රියාවලිය කෙරෙහි ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දායකත්වය ඉස්මතු කරමින්, ප්‍රගුණනය වැළැක්වීම සහ නිරායුධකරණය, ආරක්ෂක අධ්‍යාපනය සහ ආපදා සහන යන ක්ෂේත්‍රවල ප්‍රධාන ආසියාන් කලාපීය සංසද රැස්වීම් කිහිපයක් පැවැත්වීම සහ සම-සත්කාරකත්වය දැරීම ඇතුළුව, මෙම රැස්වීමේදී, 2026–2036 ආසියාන් කලාපීය සංසද මැනිලා ක්‍රියාකාරී සැලැස්ම සංවර්ධනය කිරීම ශ්‍රී ලංකාව බෙහෙවින් අගය කළහ. එසේම ශ්‍රී ලංකාව විසින්, ගැටුම් කළමනාකරණය සහ සාමය ගොඩනැගීම පිළිබඳ සිය අත්දැකීම් මත පදනම්ව, 2026–2029 අන්තර් සැසිවාර වර්ෂය තුළ ආසියාන් කලාපීය සංසද සාම සාධක විශේෂඥ රැස්වීම සඳහා සම-සත්කාරකත්වය දැරීමට දක්වන උනන්දුව ද සිහිපත් කරනු ලැබිණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.ආර්.කේ.ලෙනගල, ආසියාන් කලාපීය සංසදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට නායකත්වය ලබා දුන්නේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2026 ජූනි 19 වැනි දින



