Ministry News
ශ්‍රී ලංකාව ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) සමඟ ඇති සම්බන්ධතාව ඉහළ නංවයි.
ප්‍රකාශිත දිනය
img1

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් නුර්ලන් යෙර්මෙක්බායෙව් මහතා 2026 මැයි 19 සිට 21 වැනි දින දක්වා ශ්‍රී ලංකාව තුළ නිල සංචාරයක නිරත වූ අතර එම නිල සංචාරය අතරතුරදී ඒ මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ අද (20/05) විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී ඵලදායී සාකච්ඡා පැවැත්වීය. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම්වරයෙකු ශ්‍රී ලංකාවට කළ පළමු සංචාරය වන මෙම සංචාරයඑම සංවිධානය සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාව ඉහළ නැංවීමට දායක වනු ඇත.

සංචාරකප්‍රවාහන සහ සැපයුම් සහ කෘෂිකර්මාන්තය යන අංශ ගණනාවක් ඔස්සේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සහ එහි හවුල්කාර රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ වර්ධනය කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවලදී අවධානය යොමු විය. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මුලපිරීම්වලට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව දක්වන දැඩි උනන්දුව අමාත්‍ය හේරත් මහතා අවධාරණය කළ අතරශ්‍රී ලංකාව ආයෝජන සහ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා මහලේකම්වරයාගේ සහය ඉල්ලා සිටියේය.

මෙම සංචාරයේදී මහලේකම්වරයා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලකකෘෂිකර්මපශු සම්පත්ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරුන් සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වීය.

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ 01

 

2026 මැයි 20 වැනි දින 

img2

 

Show as Media Release on Homepage