Ministry News
සෞදි අරාබි රාජධානියේ සිවිල් ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාර ශ්‍රී ලංකාව හෙළා දකියි.
ප්‍රකාශිත දිනය
සෞදි අරාබි රාජධානියේ සිවිල් ගුවන් තොටුපළ ඉලක්ක කර ගනිමින් මෑතකදී එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ජීවිත හානි සිදුවීම සහ පුද්ගලයන් තුවාල ලැබීම ශ්‍රී ලංකා රජය හෙළා දකියි.
එම ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ශ්‍රී ලංකාව සිය බලවත් ශෝකය පළ කරන අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.
ශ්‍රී ලංකාව, සෞදි අරාබි රාජධානියේ රජයට සහ ජනතාවට සිය සහයෝගීතාව පළ කරන අතර, උත්සන්න වෙමින් පවතින ආතතීන් සමනය කිරීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත්, සාධනීය සංවාදයක නිරත වන ලෙසත් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01
2026 ඔක්තෝබර් 09 වැනි දින
Show as Media Release on Homepage

