Ministry News
ශ්‍රී ලංකාව ආපදා සහන පිළිබඳ 24 වැනි ආසියාන් කලාපීය සංසදයේ අන්තර් සැසිවාර රැස්වීමේ සම-සභාපතිත්වය දරයි.
ප්‍රකාශිත දිනය
img1

img224 වැනි ආසියාන් කලාපීය සංසදයේ ආපදා සහන පිළිබඳ අන්තර්-සැසිවාර රැස්වීම (ARF ISM on DR) 2026 අප්‍රේල් මාසයේදී බංගලාදේශයේ සත්කාරකත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාව සහ වියට්නාමය බංගලාදේශය සමඟ සම-සභාපතිත්වය දැරීය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම සභාපති ධූරය හෙබවූ විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අග්නිදිග සහ මධ්‍යම ආසියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් චමරි රොද්‍රිගෝ මහත්මිය සිය ආරම්භක දේශනයේදී, ජාතික හැකියාවන් ශක්තිමත් කිරීමේසිවිල්-හමුදා සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමේකලාපීය සහයෝගීතා යාන්ත්‍රණ ප්‍රවර්ධනය කිරීමේ සහ ආපදා ප්‍රතිචාර සඳහා තිරසර ප්‍රවේශයන් අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. සම සභාපතිනිය ලෙස ඇය න්‍යාය පත්‍රයේ අයිතම දෙකක් සංවාදයට ලක් කළාය. 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා දූත පිරිසදිට්වා සුළි කුණාටුව අතරතුර ශ්‍රී ලංකාවේ අත්දැකීම් ඉස්මතු කරමින් ඉදිරිපත් කිරීම් දෙකක් ඉදිරිපත් කළහ. සිවිල්-මිලිටරි සහයෝගීතාවජාතික සහ ජාත්‍යන්තර සම්බන්ධීකරණයමානුෂීය ආධාර සහ පශ්චාත් ආපදා ප්‍රතිසාධන ප්‍රයත්න කෙරෙහි මෙම ඉදිරිපත් කිරීම්වලදී අවධානය යොමු විය. වැඩිදියුණු කළ සම්බන්ධීකරණ යාන්ත්‍රණ සහ වඩාත් නම්‍යශීලී අරමුදල් ප්‍රවේශයන් හරහා ආසියාන් කලාපීය සංසදයේ රාමුව තුළ ආපදා ප්‍රතිචාර විධිවිධාන තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාවද අවධාරණය කළේය.

මෙම රැස්වීමේදී 20242027 වසර සඳහා ආපදා සහන පිළිබඳ ආසියාන් කලාපීය සංසදයේ වැඩ සැලැස්ම සමාලෝචනය කළ අතරශක්‍යතා ගොඩනැගීමතාක්ෂණික නවෝත්පාදනයතොරතුරු බෙදාගැනීමපූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ ආපදා කළමනාකරණයේ වැඩිදියුණු කළ කලාපීය සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් යෝජිත මැනිලා ක්‍රියාකාරී සැලැස්ම 20262036 පිළිබඳව සාකච්ඡා කළේය. 

මෙය ශ්‍රී ලංකාවබංගලාදේශය සහ වියට්නාමය විසින් සම සභාපතිත්වය දරන ලදඅඛණ්ඩව පැවැති තුන්වැනි සහ අවසන් අන්තර්-සැසිවාර රැස්වීමයි.  

 

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 

2026 මැයි 19 වැනි දින

 

Show as Media Release on Homepage