
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමේ සාකච්ඡාවල සයවැනි වටය සහ උපායමාර්ගික සාගර සංවාදයේ සිව්වැනි වටය 2026 සැප්තැම්බර් 21 වැනි දින කොළඹදී සාර්ථකව අවසන් විය.
ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ප්‍රථම සහකාර ලේකම් සාරා ස්ටෝරි සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය හා උතුරු ඇමරිකාව, නැගෙනහිර ආසියාව හා ඕෂනියාව, අග්නිදිග ආසියාව හා මධ්‍යම ආසියාව, දකුණු ආසියාව, මැද පෙරදිග සහ නීති කටයුතු යන අංශවල අතිරේක ලේකම් එම්. ආර්. කේ. ලෙනගල විසින් මෙම සාකච්ඡාවල සම සභාපතිත්වය දරන ලදී.
ද්විපාර්ශ්වික දේශපාලන කටයුතු, කෘෂිකර්මාන්තය, වෙළෙඳාම, ආරක්ෂක සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා නව මංපෙත් පිළිබඳව සාකච්ඡා කළ අතර, කලාපීය, බහුපාර්ශ්වික සහ සාගර කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01
2026 සැප්තැම්බර් 29 වැනි දින





