Ministry News
අමාත්‍ය විජිත හේරත් මැනිලා නුවර පැවති 33 වන ආසියාන් කලාපීය සංසදයට සහ අග්නිදිග ආසියාවේ මිත්‍රත්වය සහ සහයෝගීතා ගිවිසුමේ (TAC) 50 වන සංවත්සරයට සහභාගී වේ
ප්‍රකාශිත දිනය
Minister Vijitha Herath attends the 33rd ASEAN Regional Forum and 50th Anniversary of the Treaty of Amity and Cooperation (TAC) in Southeast Asia, in Manila.

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් 2026 ජූලි 23 වන දින සිට 24 වන දා දක්වා පිලිපීනයේ මැනිලා නුවර පැවති ‘33 වන ආසියාන් කලාපීය සංසදයේ (ARF) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සහ අග්නිදිග ආසියාවේ මිත්‍රත්වය සහ සහයෝගීතා ගිවිසුමේ (TAC) 50 වන සංවත්සර සැමරුම් උත්සවය සඳහා සනභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දුන්නේය.

 

ආසියාන් කලාපීය සංසද අමාත්‍ය රැස්වීම අමතමින්අමාත්‍ය හේරත්ආසියාන් කලාපීය සංසදයේ මූලික ප්‍රමුඛතාවිශේෂයෙන් සාමයකලාපීය ස්ථාවරත්වය සහ සියල්ල ඇතුළත් ආර්ථික සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම නැවත තහවුරු කළේය. සාම සාධක මුලපිරීම් ඇතුළුව ආසියාන් කලාපීය සංසදයේ නායකත්වයෙන් යුත් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාමාජික රටවල් සමඟ වඩාත් සමීපව සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව දක්වන කැමැත්ත ද ඔහු ප්‍රකාශ කළේය.

 

"නැගී එන තර්ජන සහ අභියෝගවලට මුහුණ දීමේදී සහයෝගීතාව වැඩි දියුණු කිරීම" යන තේමාව යටතේ මැනිලා හි පැවති අග්නිදිග ආසියාවේ මිත්‍රත්වය සහ සහයෝගීතා ගිවිසුමේ 50 වන සංවත්සරය සැමරීමේ සැමරුම් උත්සවයට අමාත්‍ය හේරත් ද සහභාගී විය. රැස්වීමේදී කළ ප්‍රකාශයේ දීවිකාශනය වන ගෝලීය අභියෝග සාමූහිකව ආමන්ත්‍රණය කිරීමේදීගිවිසුම සම්බන්ධයෙන් සියලුම සාමාජික රටවල් අතර සමීප සහයෝගීතාවයේ වැදගත්කම අමාත්‍ය හේරත් නැවත අවධාරණය කළේය.

 

ආසියාන්ක ලාපීය සංසදයේ අමාත්‍ය රැස්වීමට සමගාමීවඅමාත්‍ය හේරත්බංගලාදේශයචිලීකැනඩාවපකිස්තානයපිලිපීනයනෙදර්ලන්තයරුසියාව සහ සිංගප්පූරුව යන රටවල සිය පාර්ශ්වකරුවන් සමඟ ද්විපාර්ශ්වික රැස්වීම් පැවැත්වීය. ඔහුදකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ එක්සත් ජනපද විශේෂ නියෝජිතවරයා සහ ඉන්දියාවේ එක්සත් ජනපද තානාපතිආසියාන් මහලේකම්යුරෝපා සංගමයේ ඉහළ නියෝජිත සහ ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ද හමුවිය.

 

ආසියාන් කලාපීය සංසදයේ වැඩසටහනේ නිල කටයුතුවල අංගයක් ලෙසපිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් ආර්. මාකෝස් ජූනියර් විසින් පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකට ද අමාත්‍යවරයා සහභාගී විය.

 

අමාත්‍ය හේරත්මින්ඩනාඕ දූපත වෙත සංචාරය කළ අතරඑහිදී ඔහු මින්ඩනාඕ හි ශ්‍රී ලංකා නිර්වෙතනික කොන්සල් කාර්යාලය උත්සවාකාරයෙන් විවෘත කළේය. අමාත්‍යවරයා පිලිපීනයේ ශ්‍රී ලංකාවේ පළමු ආයෝජනය වන මින්ඩනාඕ හි පිහිටි ‘හේකාබ්’ ඉදිකිරීම් භූමිය නැරඹීමේ සංචාරයක ද නිරත විය. 


පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා සහ විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අග්නිදිග ආසියානු සහ මධ්‍යම ආසියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් චමරි රොද්‍රිගෝ දූත පිරිසේ සෙසු සාමාජිකයින් ලෙස අමාත්‍ය හේරත් සමඟ මෙම සංචාරයට එක්වූහ.

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 

2026 ජූලි 28 වැනි දින

Minister Vijitha Herath attends the 33rd ASEAN Regional Forum and 50th Anniversary of the Treaty of Amity and Cooperation (TAC) in Southeast Asia, in Manila.Minister Vijitha Herath attends the 33rd ASEAN Regional Forum and 50th Anniversary of the Treaty of Amity and Cooperation (TAC) in Southeast Asia, in Manila.Minister Vijitha Herath attends the 33rd ASEAN Regional Forum and 50th Anniversary of the Treaty of Amity and Cooperation (TAC) in Southeast Asia, in Manila.Minister Vijitha Herath attends the 33rd ASEAN Regional Forum and 50th Anniversary of the Treaty of Amity and Cooperation (TAC) in Southeast Asia, in Manila.Minister Vijitha Herath attends the 33rd ASEAN Regional Forum and 50th Anniversary of the Treaty of Amity and Cooperation (TAC) in Southeast Asia, in Manila.Minister Vijitha Herath attends the 33rd ASEAN Regional Forum and 50th Anniversary of the Treaty of Amity and Cooperation (TAC) in Southeast Asia, in Manila.
Show as Media Release on Homepage