Ministry News
මාධ්‍ය නිවේදනය
ප්‍රකාශිත දිනය

 

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරන අතර, එම ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තුවාල ලැබීය. 

 

මැද පෙරදිග කලාපයේ ජීවත් වන සහ සේවය කරන මිලියනයකට අධික ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාවයහපැවැත්ම සහ සුරක්ෂිතතාව ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවක් ලෙස පවතී.

මෙම අවස්ථාවේදීඋපරිම සංයමයකින් යුතුව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින අතර, කලාපීය සාමයආරක්ෂාව සහ සිවිල් වැසියන්ගේ රැකවරණය තහවුරු කිරීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයන්ට සහාය දැක්වීම වෙනුවෙන් කැපවී සිටියි. 

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ 

 

2026 ජූනි 04 වැනි දින

 

 

Show as Media Release on Homepage