Ministry News
ජාත්‍යන්තර ගෘහ සේවක දිනය නිමිත්තෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා “LankaKonect” නමැති පැමිණිලි කළමනාකරණ ජංගම යෙදවුම එළිදැක්වේ.
ප්‍රකාශිත දිනය
img1

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO)  හා එක්ව  2026 ජූනි 16 වැනි දින එනම් අද  දිනට යෙදී ඇති ජාත්‍යන්තර ගෘහ සේවක දිනය නිමිත්තෙන්ලොව පුරා සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා ආරක්ෂාව ශක්තිමත් කිරීමපැමිණිලි කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ සහාය සේවාවන්ට ප්‍රවේශය පහසු කිරීම අරමුණු කරගත් LankaKonect” නමැති පැමිණිලි කළමනාකරණ යෙදවුම (Complaint Management Application) නිල වශයෙන් එළිදැක්වීය.

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතාවිසින් මෙම ජංගම යෙදවුම කොළඹදී පැවැති උත්සවයකදී, නිල වශයෙන් එළිදක්වන ලදීඑම අවස්ථාවට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යගරු අරුන් හේමචන්ද්‍රජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සදහා අධ්‍යක්ෂ ජෝනි සිම්ප්සන් යන මහත්වරු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයෝජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීහුසංවර්ධන හවුල්කරුවෝ සහ අනෙකුත් පාර්ශවකරුවෝ සහභාගී වූහ. විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ තානාපති කාර්යාල නියෝජිතයෝද මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම අවස්ථාවට එක් වූහ.

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තාක්ෂණික සහාය ඇතිව ඒකාබද්ධව සංවර්ධනය කරන ලද “LankaKonect” ජංගම යෙදවුමසංක්‍රමණික ශ්‍රමිකයන්ට තම සේවා රට කුමක් වුවද පැමිණිලි සහ සහාය ඉල්ලීම් ඉදිරිපත් කිරීමටතම නඩු/පැමිණිලිවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ අත්‍යවශ්‍ය තොරතුරු හා සහාය සේවාවන් ලබා ගැනීමට පහසුමධ්‍යගත ඩිජිටල් වේදිකාවක් සපයයි.

මෙම ජංගම යෙදවුම හරහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයවිදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය සහ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ තානාපති කාර්යාලයන්හි පැමිණිලි කළමනාකරණ ක්‍රියාවලීන් ඩිජිටල් ලෙස ඒකාබද්ධ කිරීම මඟින් සංක්‍රමණික ශ්‍රමික ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝකාලීනව පැවති හිඩැසක් පිරවීමට දායක වේ. මෙම ඒකාබද්ධ වේදිකාව ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින්මධ්‍යගත නඩු කළමනාකරණය සහ නිරීක්ෂණය පහසු කරමින්විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඉදිරිපත් කරන පැමිණිලි සහ සුභසාධන ගැටලු සඳහා වඩාත් කාලෝචිතකාර්යක්ෂම සහ සම්බන්ධීකරණය කළ ප්‍රතිචාර ලබාදීමට හැකියාව සලසයි.

මුලදී ඩිජිටල් පැමිණිලි කළමනාකරණ යාන්ත්‍රණයක් ලෙස සංකල්පනය කරන ලද LankaKonect”, ඉන්පසු රාජ්‍ය ආයතන සහ සංවර්ධන හවුල්කරුවන් අතර පුළුල් සාකච්ඡා හරහා විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා පුළුල් සේවාවන් සපයන සම්පූර්ණ ඩිජිටල් වේදිකාවක් බවට පරිවර්තනය විය. පැමිණිලි කළමනාකරණයට අමතරවමෙම යෙදවුම මගින් රැකියාඅධ්‍යාපනික සහ පදිංචි අරමුණු සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය තොරතුරු සහ සේවාවන් වෙත ප්‍රවේශය ලබාදෙමින්ඔවුන්ගේ සංක්‍රමණික ගමන් මාර්ගය පුරාවට රජයේ ආයතන සමඟ සම්බන්ධව සිටීමට පහසුකම් සලසයි.

Google Play Store සහ Apple App Store හරහා නොමිලේ ලබාගත හැකි “LankaKonect” ජංගම යෙදවුම එළිදැක්වීමඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාමපුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සහ නවීන හා ප්‍රවේශ විය හැකි ඩිජිටල් විසඳුම් ඔස්සේ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම්සුභසාධනය සහ ගෞරවය ආරක්ෂා කිරීම පිළිබඳ රජයේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.

 

විදේශ කටයුතුවිදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය
කොළඹ


2026 ජූනි 16 වැනි දින

 

img3

 

img2

 

Show as Media Release on Homepage