Ministry News
නැමීබියා ජනරජයේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය

 

නැමීබියා ජනරජයේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, නවදිල්ලියේ පදිංචිව සිටිමින් ශ්‍රී ලංකාව වෙත සමගාමීව ප්‍රතීතනය කර ඇති නැමීබියා ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස විශ්‍රාමික ගුවන් හමුදා විංග් කමාන්ඩර් ඇලෙක්ස් එල්. තුකුහුප්වේලේ මහතා පත් කර තිබේ. එතුමා 2026 නොවැම්බර් 17 වැනි දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01.

2026 නොවැම්බර් 17 වැනි දින

Show as Media Release on Homepage