ඝානා ජනරජයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාව සඳහා සමගාමී ප්‍රතීතනය ලත්, නවදිල්ලි නුවර සිටින, ඝානා ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය ක්විසි ඔබ්රි–දාන්සෝ මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අගෝස්තු 25 වැනි දින පෙ.ව. 10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2026 අගෝස්තු 25 වැනි දින





