Ministry News
බෲනායි දරුස්සලාම් රාජ්‍යයේ මහ කොමසාරිස්වරිය සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය
බෲනායි දරුස්සලාම් රාජ්‍යයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාව සඳහා සමගාමී ප්‍රතීතනය ලත්, නවදිල්ලි නුවර සිටින, බෲනායි දරුස්සලාම් රාජ්‍යයේ මහ කොමසාරිස්වරිය ලෙස අතිගරු සිති අර්නිෆරීසා හජ්ජි මොහම්මද් ජයිනි මහත්මිය පත් කර තිබේ. ඒ මැතිනිය 2026 අගෝස්තු 25 වැනි දින පෙ.ව. 10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවාය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2026 අගෝස්තු 25 වැනි දින



Show as Media Release on Homepage

