Ministry News
ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය
ඇමරිකා එක්සත් ජනපදයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, ශ්‍රී ලංකාවේ කොළඹ සිටින, ඇමරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස එරික් එස්.මයර් මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අගෝස්තු 25 වැනි දින පෙ.ව. 10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2026 අගෝස්තු 25 වැනි දින



Show as Media Release on Homepage

