Ministry News
සුඩාන් ජනරජයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය
img1

සුඩාන් ජනරජයේ රජය විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිවශ්‍රී ලංකාව සඳහා සමගාමී ප්‍රතීතනය ලත්නවදිල්ලි නුවර සිටින, සුඩාන් ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ආචාර්ය මොහම්මද් අබ්දුල්ලා අලී අල්තොම් මහතා පත් කර තිබේ. ඒ මහතා 2026 අගෝස්තු 25 වැනි දින පෙ.ව. 10.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර පිළිගැන්වූවේය.   

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 අගෝස්තු 25 වැනි දින

 

img2
Show as Media Release on Homepage