Ministry News
කොරියානු ජනරජයේ තානාපතිවරිය ශ්‍රී ලංකාව වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය

කොරියානු ජනරජයේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, කොළඹ සිට ශ්‍රී ලංකාවේ රාජකාරි කටයුතු සිදු කරන කොරියානු ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය ලෙස කිම් යූන්-ජුං මැතිනිය පත් කර තිබේ. එතුමිය 2026 නොවැම්බර් 17 වැනි දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01.
2026 නොවැම්බර් 17 වැනි දින


