Ministry News
ලාඕ මහජන ප්රජාතන්ත්රවාදී ජනරජයේ තානාපතිනිය ශ්‍රී ලංකාව වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය

ලාඕ මහජන ප්රජාතන්ත්රවාදී ජනරජයේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, නවදිල්ලියේ පදිංචිව සිටිමින් ශ්‍රී ලංකාව වෙත සමගාමීව ප්‍රතීතනය කර ඇති ලාඕ මහජන ප්රජාතන්ත්රවාදී ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිනිය ලෙස විතයා ෂයාවොං මැතිනිය පත් කර තිබේ. එතුමිය 2026 නොවැම්බර් 17 වැනි දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01.
2026 නොවැම්බර් 17 වැනි දින


Show as Media Release on Homepage

