Ministry News
ඊජිප්තු අරාබි ජනරජයේ තානාපතිවරයා ශ්‍රී ලංකාව වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
ප්‍රකාශිත දිනය

 

ඊජිප්තු අරාබි ජනරජයේ රජය, ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව, කොළඹ සිට ශ්‍රී ලංකාවේ රාජකාරි කටයුතු සිදු කරන ඊජිප්තු අරාබි ජනරජයේ තානාපතිවරයා ලෙස අහමඩ් එල්-සයීඩ් අබ්දෙල් හලීම් අමර් හෙලාල් මහතා පත් කර තිබේ. එතුමා 2026 නොවැම්බර් 17 වැනි දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01.

2026 නොවැම්බර් 17 වැනි දින

 

Show as Media Release on Homepage