Ministry News
විදේශ අමාත්‍යාංශය ආර්ථික රාජ්‍යතාන්ත්‍රික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතා ප්‍රවර්ධන සුහද හමුවක් පවත්වයි
ප්‍රකාශිත දිනය
img1

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයඑහි ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන යටතේ, 2026 ජුනි 08 වැනි දිනලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේදීවිදේශ රාජ්‍යතාන්ත්‍රිකයින්ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්වාණිජ මණ්ඩල නියෝජිතයින් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සඳහා සහයෝගීතා ප්‍රවර්ධන සුහද හමුවක් පැවැත්වීය.

මෙම උත්සවයේදී අදහස් දක්වමින්විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රවඩාත් ඵලදායී ආර්ථික රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලරජයේ ආයතන සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ආර්ථික සහයෝගීතාවය සඳහා පහසුකම් සපයන්නෙකු, ප්‍රවර්ධනය කරන්නෙකු සහ සක්‍රීය කරන්නෙකු ලෙස විදේශ අමාත්‍යාංශයේ කාර්යභාරය අවධාරණය කරමින්ඵලදායී හවුල්කාරිත්වයන් වර්ධනය කිරීමට සහ ගුණාත්මක ආයෝජන සහ වෙළෙඳ අවස්ථා සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය සහාය සහ සහයෝගය ලබා දීමට අමාත්‍යාංශයේ කැපවීම ඔහු නැවත තහවුරු කළේය. හොඳින් සැලසුම් කරන ලද ආර්ථික රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම්, විදේශ ප්‍රතිපත්තිය සහ දේශීය සංවර්ධන ප්‍රමුඛතා අතර පාලමක් ලෙස ක්‍රියා කරන බවත්ජාත්‍යන්තර මැදිහත්වීම තුලින් රටට පැහැදිලිව අත්විඳිය හැකි ආර්ථික ප්‍රතිලාභ ලබා දීමේ හැකියාව පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිය අදහස් දැක්වීමේදීවිවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාව සතු ශක්තිමත් හැකියාවන් අවධාරණය කළ අතර, වෙළෙඳාමආයෝජන සහ ආර්ථික හවුල්කාරිත්වය සඳහා ආකර්ශනීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ අද්විතීය වටිනාකම අවධාරනය කළේය.

වැඩසටහනේ නිල කටයුතු වලින් අනතුරුවඅදහස් හුවමාරු කර ගැනීමටහවුල්කාරිත්වයන් ගවේෂණය කිරීමට සහ සහභාගිවන්නන් අතර වෘත්තීය සහ ආයතනික සබඳතා ශක්තිමත් කිරීමට අවස්ථාව සළසමින්අන්තර්ක්‍රියාකාරී සුහද හමුවක් පැවැත්විණි.

ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකත්වයේ වර්ධනය වන වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයට සහාය වීම අරමුණු කරගත් සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පාර්ශවකරුවන්ගේ  හවුල් කැපවීම පිළිබිඹු කරමින්රජයව්‍යාපාරික සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවන් නියෝජනය කරමින් නියෝජිතයින් 100ක් පමණ මෙම අවස්ථාවට සහභාගී විය.

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 

2026 ජූනි 10 වැනි දින

 

img2img3img4img5

Show as Media Release on Homepage