Ministry News
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක
ප්‍රකාශිත දිනය

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2026 සැප්තැම්බර් මස 02 සිට 03 වැනි දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයේදී අමාත්‍ය හේරත් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමුවීමට නියමිත අතර, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුවඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් හා එමිරේටීකරණ අමාත්‍ය ආචාර්ය අබ්දුල්රහ්මාන් අබ්දුල්මන්නාන් අල් අවාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික හා සංචාරක අමාත්‍ය අබ්දුල්ලා බින් තවුක් අල් මාරි ඇතුළු පාර්ශ්ව සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

සැප්තැම්බර් මස 02 වැනි දින, අමාත්‍ය හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය තානි බින් අහමද් අල් සෙයුඩි සමඟ එක්ව ඩුබායිහි පැවැත්වෙන “Sri Lanka Beyond Your Dreams” වැඩසටහනේ දෙවැනි අදියරේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වීමට නියමිතය.


විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ 01

 

2026 සැප්තැම්බර් 02 වැනි දින

Show as Media Release on Homepage