Mission News
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් තායිලන්තයේ නිල සංචාරයක
ප්‍රකාශිත දිනය

තායිලන්ත කම්කරු අමාත්‍යවරයාගේ ආරාධනය පරිදිවිදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්2026 සැප්තැම්බර් 14 වැනි දින සිට 16 වැනි දා දක්වා තායිලන්තයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

 

මෙම සංචාරය අතරතුරදීඅමාත්‍ය හේරත්තායිලන්ත කම්කරු අමාත්‍යවරයාසංචාරක අමාත්‍යවරයා සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වනු ඇති අතරඑහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත.

 

'කම්කරු සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමසහ 'තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදවීම පිළිබඳ එකඟතා ගිවිසුමඅත්සන් කිරීම මගින් දෙපාර්ශ්වයම කම්කරු ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

 

මෙම සංචාරය මගින් සංචාරක හා රැකියාසංක්‍රමණ සහ ශ්‍රමිකයන්ගේ සංචලතාව යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව වර්ධනය කිරීමටත්ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමටත්ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇත.

 

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ 01

 

2026 සැප්තැම්බර් 13 වැනි දින

Show as Media Release on Homepage