Ministry News
විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පිලිපීනයේ පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයේ33 වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහ මිත්‍රත්වය හා සහයෝගීතාව පිළිබඳ ගිවිසුමේ 50 වැනි සංවත්සර සැමරුමට සහභාගී වෙයි.
ප්‍රකාශිත දිනය

විදේශ කටයුතුවිදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, 2026 ජූලි 23 සිට 24 වැනි දින දක්වා පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයයේ 33 වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහ මිත්‍රත්වය හා සහයෝගීතාව පිළිබඳ ගිවිසුමේ 50 වැනි සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වීමට නියමිතය.

අමාත්‍ය හේරත් මහතා මෙම අවස්ථා දෙකේදීම දේශන පැවැත්වීමට නියමිතය.

මෙයට සමගාමීව, අමාත්‍යවරයා විසින් මෙම රැස්වීමවලට සහභාගී වන රටවල විදේශ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුආසියාන් මහලේකම්වරයා සහ යුරෝපා සංගමයේ හා ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එමෙන්මපිලිපීනයේ විදේශ කටයුතු ලේකම් මා. තෙරේසා පී. ලසාරෝ මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද අමාත්‍යවරයා සැලසුම් කර ඇත.

මෙම සංචාරය අතරතුර, විදේශ අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් මින්දනාඕ හි ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් කාර්යාලය නිල වශයෙන් විවෘත කිරීමටද  අපේක්ෂා කෙරේ.

 

විදේශ කටයුතුවිදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 ජූලි 22 වැනි දින

Show as Media Release on Homepage