Ministry News
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අත්විඳ ගැනීමට රාජ්‍යතාන්ත්‍රික බලකාය එක් වේ
ප්‍රකාශිත දිනය
img1

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයමහනුවර ශ්‍රී දළදා මාලිගාව සමඟ එක්වරාජ්‍යතාන්ත්‍රික බලකායේ නිලධාරීන් සඳහා 2026 අගෝස්තු 26 වැනි දින සිට 28 වැනි දින දක්වා මහනුවර නගරය වෙත විශේෂ සංචාරයක් සංවිධානය කළේය. එමඟින් ඔවුන්ට මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට සහ ශ්‍රී ලංකාවේ පොහොසත් ආගමික හා සංස්කෘතික උරුමයන් අත්විඳීමට අවස්ථාවක් සැලසුණි.

කොළඹ පදනම් කරගත් දූත මණ්ඩල ප්‍රධානීන්නවදිල්ලි නුවර සිටිනශ්‍රී ලංකාව වෙත සමගාමී ප්‍රතීතනය ලත් දූත මණ්ඩල ප්‍රධානීන්ඔවුන්ගේ කලත්‍රයන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගෙන් සමන්විත වූ රාජ්‍යතාන්ත්‍රික බලකායේ සාමාජිකයින් 70දෙනෙකු පමණ මෙම තෙදින වැඩසටහනට සහභාගී වූහ. 

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ උසස් අධ්‍යාපන ආයතනය වන පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය (SIBA කැම්පස්) නැරඹීමෙන් මෙම වැඩසටහන ආරම්භ විය. එහිදී බෞද්ධ දෘෂ්ටිය සහ උරුමය ආරක්ෂා කිරීම සඳහා ඇකඩමිය විසින් සිදු කරන ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පැමිණි රාජ්‍යතාන්ත්‍රිකයින්ට අවස්ථාව සැලසුණි. මහනුවර ඇසළ පෙරහැරේඓතිහාසිකආගමික හා සංස්කෘතික වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට ද රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහභාගී විය. පැවැති සංස්කෘතික වැඩසටහනකින් අනතුරුවශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා විසින් සංවිධානය කර තිබූ සාම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. එමඟින්සහභාගී වූ පිරිසටමහනුවර යුගයේ සම්ප්‍රදායන් සහ ආගන්තුක සත්කාරයේ ආභාෂය පිළිබඳ අත්දැකීමක් ලබා ගැනීමට හැකි විය. 

රාජ්‍යතාන්ත්‍රික බලකායඅගෝස්තු 27 වැනි දිනශ්‍රී දළදා මාලිගාව වෙත සංචාරයක නිරත වූ  අතරඑහිදී ඔවුහු සාම්ප්‍රදායික තේවාව දැක බලා ගත්හ. දුත පිරිසජාත්‍යන්තර බෞද්ධ  කෞතුකාගාරයඇත් ගාල් සහ ඇහැලේපොළ වලව්ව ඇතුළු ශ්‍රී දළදා මාලිගාව සහ මහනුවර ආශ්‍රිත ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කමක් ඇති ස්ථාන ද නැරඹීය. 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් ඇහැලේපොළ වලව්වේ දී  සාම්ප්‍රදායික දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතරඑමඟින් සංචාරක රාජ්‍යතාන්ත්‍රිකයින්ට ශ්‍රී ලංකා සූපශාස්ත්‍ර සම්ප්‍රදායන් සහ ආගන්තුක සත්කාරය අත්විඳීමට තවදුරටත් අවස්ථාව සැලසුණි.

ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් ආගමික හා සංස්කෘතික සංදර්ශනවලින් එකක් වන මහා රන්දෝලි පෙරහැර නැරඹීම සංචාරයේ කැපී පෙනෙන සිදුවීමක් විය. ශ්‍රී දළදා මාලිගාව සහ මහනුවර රාජධානිය හා සම්බන්ධ සියවස් ගණනාවක් පැරණි සම්ප්‍රදායන් පිළිබිඹු කරමින් සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්බෙර වාදකයින්රංගන ශිල්පීන් සහ අලි ඇතුන් ඇතුළත් පෙරහැරේ උත්කර්ෂවත් බවපැමිණි රාජ්‍යතාන්ත්‍රිකයින් අත්විඳි ගත්හ.

නියෝජිත පිරිසට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ වැදගත්කම පිළිබඳ කෙටි විස්තරයක් ලබාදුන් එහි සංචාරයක් ද ඇතුලත් වූ අතරලංකා තේ වල ඉතිහාසය සහ උරුමය පිළිබඳව හඳුන්වා දුන්හන්තාන හි පිහිටි ලංකා තේ කෞතුකාගාරය වෙත සිදුකළ සංචාරයක් ද මෙම වැඩසටහනට ඇතුලත් විය.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්ශ්‍රී ලංකාව වෙත ප්‍රතීතනය ලත් රාජ්‍යතාන්ත්‍රික බලකාය සම්බන්ධ කර ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් ගන්නා අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස මෙම සංචාරය සංවිධානය කෙරිණි. විදේශීය නියෝජිතයින්ටරටේ ආගමික සම්ප්‍රදායන්සංස්කෘතික උරුමයන්ආහාරපාන සහ සංචාරක ආකර්ෂණයන් ප්‍රථම වරට අත්විඳිමට ලැබුණු අවස්ථාව මගින්සුවිශේෂ හා විවිධ සංස්කෘතික අනන්‍යතාවයන් සහිත ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ දෘශ්‍යතාව තවදුරටත් වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ01

2026 සැප්තැම්බර් 02 වැනි දින

 

Show as Media Release on Homepage