Ministry News
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර 2026 ඔක්තෝබර් 26 සිට 28 දක්වා අන්කාරා හි නිල සංචාරයක
ප්‍රකාශිත දිනය

 

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර 2026 ඔක්තෝබර් 26 වැනි දින සිට 28 වැනි දා දක්වා තුර්කියේ දෙදින නිල සංචාරයක නිරත වනු ඇත.

 

මෙම සංචාරය අතරතුරදී, නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර, සිය තුර්කි පාර්ශ්වකරු වන බෙරිස් එකින්චි හමුවීමට නියමිතය. මීට අමතරව, කම්කරු හා සමාජ ආරක්ෂණ, වෙළෙඳ, සංස්කෘතික හා සංචාරක, කෘෂිකර්ම හා වන වගා මෙන්ම ප්‍රවාහන හා යටිතල පහසුකම් යන අමාත්‍යාංශවල නියෝජ්‍ය අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද ඔහු අපේක්ෂා කරයි. තවද, නියෝජ්‍ය අමාත්‍යවරයා අන්කාරා වාණිජ මණ්ඩලය සමඟ ද රැස්වීම් පැවැත්වීමට නියමිතය.

 

මෙම සංචාරය අතරතුරදී, ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට මෙන්ම, ගුවන් ප්‍රවාහන ගිවිසුම සංශෝධනය කිරීම සඳහා වන ප්‍රොටෝකෝලයකට ද අත්සන් තැබෙනු ඇත.

 

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 

2026 ඔක්තෝබර් 26 වැනි දින

Show as Media Release on Homepage