Ministry News
නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා චීනයේ යුනාන් පළාතේ සිදු කළ නිල සංචාරය අවසන් කරයි
ප්‍රකාශිත දිනය
img1

විදේශ කටයුතුසහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතායුනාන් පළාත් ආණ්ඩුකාර වැන්ග් යූබෝගේ මහතාගේ ආරාධනාවකට අනුව  දසවන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහ සත්වන චීන-දකුණු ආසියානු සහයෝගීතා සංසදයට සහභාගී වීම සඳහා 2026 ජූනි 10 සිට 13 වැනි දින දක්වා චීනයේ යුනාන් පළාතේ නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර, නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර මහතා යුනාන් පළාත සමඟ වෙළෙඳ, සංචාරක, අධ්‍යාපනය, කාර්මික සහයෝගීතාව, සංස්කෘතික හුවමාරුව සහ ජනතාව අතර සබඳතා යන ක්ෂේත්‍රවල සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් නිල කටයුතු මාලාවකට සම්බන්ධ විය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ජුනි 10 වැනි දින යුනාන් විශ්වවිද්‍යාලයට ගොස් අධ්‍යාපන සහයෝගීතාව, අධ්‍යයන හුවමාරු සහ ආයතනික හවුල්කාරිත්වයන් වැඩි දියුණු කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීය. නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් පිළිගැනීම සඳහා යුනාන් පළාතේ ආණ්ඩුකාර වැන්ග් යූබෝ මහතා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර, ජුනි 11 වැනි දින මහතා චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ එක්වී ශ්‍රී ලංකාව නියෝජනය කෙරෙන කුටිය විවෘත කළේය. එහිදී ශ්‍රී ලංකාවේ අපනයන විභවය, සංස්කෘතික උරුමය සහ චීනය සහ පුළුල් දකුණු ආසියානු කලාපය සමඟ වෙළෙඳ හා වාණිජ සබඳතා පුළුල් කිරීමට ඇති කැපවීම පෙන්නුම් කෙරිණි. එදිනම ඔහු විසින් චීනය සහ දකුණු ආසියානු රටවල් අතර සංවාද හා ප්‍රායෝගික සහයෝගීතාව සඳහා කලාපීය වේදිකාවක් වන චීන-දකුණු ආසියානු සහයෝගීතා සංසදය අමතනු ලැබිණි. ඔහුගේ ඔහු සිය අදහස් දැක්විමේදී කලාපීය සහයෝගීතාව, සම්බන්ධතාව, වෙළෙඳාම, ආයෝජන, සංචාරක, අධ්‍යාපනය සහ ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සතු කැපවීම අවධාරණය කළේය.

චීන-දකුණු ආසියානු සහයෝගිතා සංසදයට සමගාමීව, නියෝජ්‍ය අමාත්‍යවරයා වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ, නියෝජ්‍ය අමාත්‍ය ගුයෙන් සින් නාට් ටෑන් මහතා හමුවිය. දෙරට අතර මෑතකදී ඇති වූ ඉහළ මට්ටමේ හුවමාරුවල ප්‍රතිඵල සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ඇති අවස්ථා නියෝජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළේය. ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වියට්නාමයේ කැපවීම නියෝජ්‍ය අමාත්‍ය ගුයෙන් සින් නාට් ටෑන් මහතා නැවත තහවුරු කළේය.

ජුනි 12 වැනි  දින, නියෝජ්‍ය අමාත්‍යවරයා යුනාන් පළාතේ උප ආණ්ඩුකාර ෂු හාඕ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එහිදී සබඳතා ශක්තිමත් කිරීම, වෙළෙඳ හා වාණිජ සබඳතා පුළුල් කිරීම, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, අධ්‍යාපනික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ හවුල්කාරිත්වය සඳහා ප්‍රායෝගික ක්ෂේත්‍ර ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු විය. ඔහු අධ්‍යයන චාරිකාවකට සහභාගී වූ අතර, එයට රූපලාවන්‍ය නිෂ්පාදන කම්හලක් සහ කේබල් නිෂ්පාදන කම්හලක් නැරඹීම ඇතුළත් විය. මෙම සංචාර කාර්මික සංවර්ධනය සහ කාර්මික සහයෝගීතාව සඳහා ඇති අවස්ථා පිළිබඳ අවබෝධයක් ලබා දුන්නේය.

ජුනි 13 වැනි දිනනියෝජ්‍ය අමාත්‍යවරයා 10 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහභාගී වූ අතරඑහිදී ඔහු ප්‍රදර්ශකයින් සමඟ සම්බන්ධ වී ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වැඩි වෙළෙඳපල ප්‍රවේශයක් ප්‍රවර්ධනය කළේය. ශ්‍රී ලංකාවේ අපනයනසංචාරක සහ ආයෝජන අවස්ථා ඉස්මතු කිරීම සඳහා ඔහු CGTN සම්මුඛ සාකච්ඡාවකට සහ නිෂ්පාදන ප්‍රදර්ශනයකට ද සහභාගී විය. චීනය සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ පුළුල් සන්දර්භය තුළ යුනාන් පළාත සමඟ ශ්‍රී ලංකාවේ හවුල්කාරිත්වය මෙම සංචාර තුළින්  තවදුරටත් ශක්තිමත් විය.


විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 ජුනි 22 වැනි දින

Show as Media Release on Homepage