Ministry News
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර රුමේනියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය
ප්‍රකාශිත දිනය

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර පැවැත්වීමට නියමිත සයවන වටයේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සඳහා සහභාගී වීමේ අරමුණින්, 2026 ඔක්තෝබර් 21 සිට 26 වැනි දින දක්වා රුමේනියාවේ බුකාරෙස්ට් නුවර නිල සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇත. එම උපදේශන 2026 ඔක්තෝබර් 22 වැනි දින පැවැත්වීමට නියමිත අතර, ඊට සමගාමීව දෙරට අතර කම්කරු සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීම ද පැවැත්වේ.

බුකාරෙස්ට් නුවර සංචාරය අතරතුර, නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර රුමේනියාවේ කම්කරු අමාත්‍යවරයා හමුවීමටත්, එරට කම්කරු කටයුතු සහ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් වගකීම් දරන රාජ්‍ය ලේකම්වරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත් සැලසුම් කර ඇත. එසේම, ශ්‍රී ලංකා–රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිවරයා හමුවීමට ද නියමිතය.

මීට අමතරව, බුකාරෙස්ට්, අරද් සහ කොන්ස්ටන්සා යන නගරවල වාණිජ මණ්ඩල විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික හමුවීම්වලදී නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර අදහස් දැක්වීමට නියමිතය. තවද, රුමේනියාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් හමුවීමට ද එතුමා සැලසුම් කර ඇත.

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01

2026 ඔක්තෝබර් 20 වැනි දින

 

 

Show as Media Release on Homepage