Media Briefing by Spokesperson: 8 July 2015

Media Briefing by Spokesperson: 8 July 2015

sunclouds Audio at SoundCloud 

2000px-Youtube_icon.svg Video at YouTube 

Media Briefing: Wednesday 8th July 2015

Full Transcript below: -

DSC_9780

Remarks to Media: 8 July 2015. (In Sinhala)  -

සුභ උදෑසනක් මිත්‍රවරුනි. අද අපි හමුවන්නේ සතියක විරාමයකින් පසුව.

ජූනි මස 24 වන දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී අපි ඔබට දැනුම් දුන්නා, තානාපති ධූරවලට නම් කරන ලද 33 දෙනෙකුගෙන් 9 දෙනෙකුට ඔවුන් තානාපතිවරු ලෙස ක්‍රියා කරන්නට නියමිත රටවල්වලින් අනුමැතිය ලැබිලා තියෙන බව.

අද ඊට අමතරව, තව පත්වීම් 5 ක් පිළිබඳව තොරතුරු ලබා දීමට අපි සූදානම්. මෙම පස්දෙනාට, ඔවුන් සේවය සඳහා පත් කරන ලද රටවල්වල අනුමැතිය දැන් වන විට ලැබී තිබෙනවා.

මම දැන් එම නම් කියවන්නම්: 

ඕස්ට්‍රේලියාවේ මීළඟ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස එස්. ස්කන්ධ කුමාර් මහතා පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන එතුමා 1997 සිට 2000 යන කාල සීමාව තුළGeorge Steuart සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසත්,  වසර 2000-2008 කාලසීමාව තුළ George Steuart සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති ලෙසත් කටයුතු කර තිබෙනවා. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨත්වයක් ලැබූ එතුමා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ද සේවය කරනු ලැබුවා. එමෙන්ම එතුමා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙන කෙනෙක්.

බහරේන් රාජ්‍යයේ මීළඟ ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය ඒ.එස්.යූ.මෙන්ඩිස් මහතා පත් කර තිබෙනවා. ඔහු 1996 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු නිලධාරියෙක්. ඔහු මීට පෙර ජිනීවා නගරයේ, ඉන්දියාවේ, සිංගප්පූරුවේ සහ ජපානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවය කරලා තිබෙනවා. මීට අමතරව මෙම අමාත්‍යාංශයේ එක් එක් අංශවල ද, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ද ඔහු සේවය කරලා තිබෙනවා. දැනට ඔහු ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති ලෙස කටයුතු කරනවා.

කැනඩාවේ මීළඟ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ඒ.ඒ.ජවාඩ් මහතා පත් කර තිබෙනවා. ඔහු 1988 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු නිලධාරියෙක්. වර්තමානයේ ඔහු මෙම අමාත්‍යාංශයේ බටහිර සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන යන අංශ භාර අතිරේක ලේකම් ලෙස කටයුතු කරනවා. ඔහු මීට පෙර ස්වීඩනයේ, චීනයේ සහ ප්‍රංශයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවය කරලා තිබෙනවා. එමෙන්ම, ඔහු නෝර්වේ රාජ්‍යයේ සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ලෙස ද සේවය කරලා තිබෙනවා.

දකුණු කොරියාවේ මීළඟ ශ්‍රී ලංකා තානාපති ලෙස මනීෂා ගුණසේකර මෙනෙවිය පත් කර තිබෙනවා. එතුමිය 1996 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ සේවයට බැඳුණු නිලධාරිනියක්. එතුමිය ප්‍රංශයේ සහ ජපානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලත්, ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩල කාර්යාලයේ ද සේවය කර තිබෙනවා. වර්තමානයේ එතුමිය මෙම අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාව සහ පැසිෆික් අංශ භාර වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනවා.

ඕමාන් රාජ්‍යයේ මීළඟ ශ්‍රී ලංකා තානාපති ලෙස එම්.කේ.පද්මනාදන් මහතා පත් කර තිබෙනවා. එතුමා 1996 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු නිලධාරියෙක්. එතුමාගේ මෙතෙක් සේවා කාලය තුළ දී තෙවරක් ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරලා තිබෙනවා. මීට අමතරව, එතුමා මලයාසියාවේ සහ එක්සත් රාජධානියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලවල ද සේවය කරලා තිබෙනවා.

මම දැන් ඔබට දන්වා සිටි පුද්ගලයින්ගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබිලා තිබෙනවා.

එමනිසා, මෙම නිලධාරීන් ඉදිරි දිනවල දී ඔවුන්ට අදාළ තානාපති කාර්යාලවල සේවය සඳහා නික්ම යෑමට නියමිත යි.

ඔබට මතක ඇති, මැයි මාසේ 27 වන දින පැවැත්වූ පළමුවෙනි මාධ්‍ය හමුවේ දී අපි කියා සිටියා 1961 රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ වියනා සම්මුතියේ 4(1) යන වගන්තියට අනුකූලව අපට නිවේදනයට පත් කරන්න හැකියාව තිබෙන්නේ පිළිගැනීමේ රාජ්‍යයන් විසින් අනුමැතිය ලබා දී තිබෙන තානාපති පත්වීම් පිළිබඳ තොරතුරු පමණක් බව.

මේ අනුව ජූනි මස 24 වන දා අපි පත්වීම් 9 ක් පිළිබඳව තොරතුරු ඔබට ලබා දුන්නා. එමෙන්ම, අද, පත්වීම් 5 ක් පිළිබඳව තොරතුරු ලබා දුන්නා.

මේ ආකාරයෙන් පිළිගැනීමේ රාජ්‍යයන් විසින් අනුමැතිය ලැබුණු විගසින්ම අනෙකුත් පත්වීම් සම්බන්ධයෙන් ද තොරතුරු ඔබට ලබාදෙන්න අපි සූදානම්.

මීළඟට අපි තීරණය කරා අද සිට, ඔබට ශ්‍රී ලංකාවේ නේවාසික සහ ශ්‍රී ලංකාවට වරලත් විදේශ අගනුවරවල්වල නේවාසික විදේශ තානාපතිවරු පිළිබඳවත් තොරතුරු ලබාදීමට.

මේ සම්බන්ධයෙන් ඔබ දන්නවා ඇති විදෙස් රාජ්‍යයන් 44 ක නේවාසික තානාපති කාර්යාල ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන බව.

මීට අමතරව, ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වන රටවල් 87 ක ශ්‍රී ලංකාවට වරලත් තානාපති කාර්යාල පවතින්නේ ඉන්දියාවේ නව දිල්ලි නගරයේ.

එමෙන්ම විදෙස් රටවල් දෙකක් මලයාසියාවේ ද, එකක් දකුණු කොරියාවේ ද, දෙකක් චීනයේ ද පිහිටි තානාපති කාර්යාල හරහා ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යනවා.

මීට අමතරව සිංගප්පූරු රජය සහ ෆින්ලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පත් කරන ලද තානාපතිවරු කටයුතු කරන්නේ එම රාජ්‍යවලම නේවාසිකව සිටිමින්.

අද සිට ඉදිරියේ දී මෙම තානාපතිවරු ජනාධිපතිතුමා වෙත තම අක්ත පත්‍ර භාරදෙනු ලබන විට එම තොරතුරු අපි ඔබ වෙත ලබාදෙන්න කටයුතු කරන්න තීරණය කර තිබෙනවා.

ඊයේ, එනම් ජූලි මස 7 වන දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍යයන් 5 ක් නියෝජනය කරන තානාපති ... එක තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරු හතර දෙනෙක් තම අක්ත පත්‍ර ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කරා.

-ජපානයේ තානාපති Kenichi Suganuma මහතා, මොහු ශ්‍රී ලංකාවේ නේවාසිකව කටයුතු කරනවා.

 

-සීෂෙල්ස් රජය නියෝජනය කරන Phillippe de Gall මහතා, මොහුත් ශ්‍රී ලංකාවේ නේවාසිකව කටයුතු කරනවා.

-කෙන්යා රජය නියෝජනය කරන මහ කොමසාරිස්තුමිය Florence Imisa විචේ මහත්මිය. මෙතුමිය නවදිල්ලි නුවර නේවාසිකව කටයුතු කරනවා.

-Ghana රජය නියෝජනය කරන මහ කොමසාරිස් Panyin Yalley මහතා. මෙතුමා ද නව දිල්ලි නගරයේ නේවාසිකයි.

-සිංගප්පූරු රජය නියෝජනය කරන මහ කොමසාරිස් Chandra Das මැතිතුමා. මෙතුමා සිංගප්පූරුවේ නේවාසිකව කටයුතු කරනවා.

මීළඟට අපි තීරණය කරා ඔබට US-GSP සහන එනම් ඇමරිකා එක්සත් ජනපදයෙන් ලබා දී ඇති GSP තීරු බදු සහන පිළිබඳව තොරතුරු ලබාදීමට. මෙම GSP තීරු බදු සහන ලබාදීමේ ක්‍රියාවලියේ පරමාර්ථය තමයි සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආර්ථික වර්ධනයට ආධාර කිරීම. මේ තුළින් රටවල් සහ කලාප 122 ක් දැනට ආවරණය වෙනවා. මේ මගින් එම රටවල සහ කලාපවල නිෂ්පාදනය කර එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ වර්ග 5000 ක් තීරු බදු රහිතව අපනයනය කිරීමට හැකියාව ලබා දී තිබෙනවා.

මෙම වැඩසටහන, 1974 වෙළඳ පනත මගින් ආරම්භ කෙරුනු අතර 1976 වසරේ ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාවට නැංවුණා. මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි කාල පරිච්ඡේදයකට සීමිතව. එම කාල පරිච්ඡේදය අවසන් වූ විට, එක්සත් ජනපදයේ කොන්ග්‍රසය මගින් එම වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට, නැත්නම් අළුත් කිරීමට සහ කාල සීමාව නිර්ණය කිරීමට තම අනුමැතිය ලබා දිය යුතු වෙනවා. මෙම තීරු බදු සහන කලින් ක්‍රියාත්මකව පැවති කාල සීමාව 2013 වසරේ ජූලි මස 13 වන දා අවසන් වුණා.

මෙම සහන අළුත් කිරීමට අනුමැතිය ලැබෙන තෙක් එක්සත් ජනපදයට අපනයනය කරනු ලැබූ භාණ්ඩ එම රටට ඇතුල් වුණේ මෙම සහනය රහිතව. 2015 වසරේ ජූනි මස 25 වන දින එක්සත් ජනපදයේ කොන්ග්‍රසය විසින්, 2015 වෙළඳ වරණයන් ව්‍යාප්ති පනතට අනුමැතිය ලබාදුන්නා.

ජූනි මස 29 වන දින මෙයට ඇමරිකානු ජනාධිපති ඔබාමා මහතා අත්සන් තැබීමත් සමඟ එම පනත නිත්‍යානුකූලව යළි ක්‍රියාත්මක වුණා. මෙය අත්සන් තැබූ දින සිට දවස් 30කට පසු ( එනම් ජූලි මස 29 වන දින සිට) ක්‍රියාවලියට නැංවීමට නියමිතයි. මේ තුළින් 2013 වසරේ ජූලි මස 31 වන දින මෙම සහන අවසන් වූ දින, ඒ කියන්නේ, එදා සිට වර්තමානයේ මෙම සහන යළි ක්‍රියාවට නැංවූ දින යන කාලසීමාව තුළ දී ගෙවනු ලැබූ තීරු බදු නැවත ලබාදීමට ද ඉඩ සලස්වා තිබෙනවා. ශ්‍රී ලංකාව දැනට වසර 10 ක් පමණ කාලයක් සිට මේ  GSP සහනවලින් ප්‍රතිලාභ ලබමින් සිටියා.

USP – GS, sorry, US- GSP සහන වැඩ පිළිවෙල යටතේ ආවරණය වන්නේ ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩවලින් 7% ක් පමණයි.

මූලික වශයෙන් pneumatic ටයර්, සක්‍රීය කළ කාබන්, රන් සහ රිදී ස්වර්ණාභරණ, ශල්‍ය සහ අනෙකුත් රබර් අත් වැසුම්, ප්ලාස්ටික් ඇසුරුම් ද්‍රව්‍ය සහ ceramic සහ porcelain  නිෂ්පාදිත මෙම සහන ක්‍රමය යටතේ ආවරණය වෙනවා.

මෙම සහන ක්‍රමය නැවත සක්‍රීය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, අනෙකුත් ප්‍රතිලාභ ලබන රටවල් කණ්ඩායමක් ද, එක්සත් ජනපදය තුළ මේ සම්බන්ධව ක්‍රියා කරන පුද්ගලයින් සහ සංවිධාන සමඟ ද කිට්ටුවෙන් වැඩ කරමින් විශේෂ කාර්යභාරයක් ඉටු කරා.

ඊළඟ කාරණය

ජූනි මස 10 වන දින පැවති මාධ්‍ය හමුවේ දී අපි  කියා සිටියා ශ්‍රී ලාංකිකයින් බවට විශ්වාස කෙරෙන පුද්ගලයින් 54 දෙනෙක් ඉන්දුනීසියාවේ රෝට් දිවයිනේ අතරමංවී ඉන්දුනීසියාවේ නිසි බලධාරීන්ගේ ආරක්ෂාවේ සිටින බව.

දැන් මොවුන් ඇත්ත වශයෙන් ම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින් බව තහවුරු වෙලා තිබෙනවා. නමුත් මොවුන් වැඩි හරියක් සරණාගතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින්. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ලබාදෙන ලද හැඳුනුම් පත් තිබෙන පුද්ගලයින්. මොවුන් කිසිකෙනෙක් මේ වන විට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කරලා නැහැ.

යම්කිසි පුද්ගලයෙක් නැවත ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කර සිටියහොත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිසි කටයුතු කිරීමට සූදානම්.

බොහොම ස්තුතියි.

* * *

Remarks to Media: 8 July 2015. (In English) -

Good morning friends.

During the last briefing held on the 24th of June, we informed you that agrément has been received for 9 of the 33 nominees for Head of Mission posts. Today, I have information on a further 5 appointments, that have received the concurrence of the respective receiving States.

I will read out the names for you. (In alphabetical order of countries).

Mr. S. Skandakumar has been appointed as the next High Commissioner of Sri Lanka to Australia. A graduate of the University of Ceylon, Mr. Skandakumar was Managing Director of George Steuart & Co Ltd., from 1997 to 2000 and Group Chairman of the George Steuart Group from 2000-2008. An outstanding cricketer, Mr. Skandakumar has also served in the Board of Control for Cricket in Sri Lanka and made a significant contribution to the game.

Dr. A.S.U. Mendis has been appointed as the next Ambassador of Sri Lanka to the Kingdom of Bahrain. Dr. A.S.U. Mendis is a member of the Sri Lanka Foreign Service batch of 1996. Apart from serving in different capacities in this  Ministry, he also overseas in Sri Lanka’s Missions in Geneva, India, Singapore and Japan. He was also seconded to the Ministry of Economic Development for some time. He is currently the Charge d’affaires of the Sri Lanka Embassy in Japan.

Mr. A. A. Jawad has been appointed as the next High Commissioner of Sri Lanka to Canada. Mr.  Jawad is a member of the Sri Lanka Foreign Service batch of 1988. He is currently the Additional Secretary of the Ministry in charge of the West and UN Divisions. He has served in Sri Lanka’s Missions in Sweden, France and China and has also represented Sri Lanka as Ambassador to Norway and Saudi Arabia in the past.

Ms. M. Gunasekera has been appointed as the next Ambassador of Sri Lanka to the Republic of Korea. Ms. Gunasekera is a member of the Sri Lanka Foreign Service batch of 1996. She has served in Sri Lanka’s Missions in France, Japan and Geneva. Currently she is the Acting Director General in charge of the East Asia & Pacific Division of the Ministry.

Mr. M. K. Pathmanaathan has been appointed as the next Ambassador of Sri Lanka to Oman. Mr. Pathmanaathan is a member of the Sri Lanka Foreign Service batch of 1996. He has served previously in Sri Lanka’s Missions in Chennai, Malaysia and the United Kingdom. He is presently attached to the Deputy High Commissioner’s Office in Chennai where he has served on two previous occasions as well.

The appointments that I just announced have been cleared by the Parliamentary Committee on High Posts as well, which allows the respective Heads of Mission-designate to take up their posts shortly.

You would remember that, at the very first briefing that we held on the 27th of May, we informed you that as per Article 4(1) of the Vienna Convention on Diplomatic Relations of 1961, announcements regarding Heads of Mission appointments can only be made once the receiving State has granted agrément or acceptance to the sending country’s nominee. Accordingly, as and when the other nominees receive agrément, we will share that information with you.

II

Moving on to the next issue. We decided that from now onwards we will also brief you on details of foreign envoys to Sri Lanka as well.

I am sure you are all aware, that there are 44 foreign countries that maintain resident Missions in Sri Lanka which means that they have their Ambassadors and High Commissioners resident here in Colombo.

87 foreign countries have accredited their Ambassadors and High Commissioners who are resident in India as their respective Heads of Mission to Sri Lanka.. This means that it is their Embassies and High Commissions to India located in New Delhi that cover Sri Lanka.

2 countries cover Sri Lanka through their respective envoys to Bangladesh; 2 countries cover Sri Lanka through their respective envoys to Malaysia; 1 country from the Republic of Korea; and 2 countries through their respective envoys to China. The High Commissioner of Singapore to Sri Lanka is resident in Singapore and the Ambassador of Finland to Sri Lanka is resident in Finland.

Whenever a foreign Ambassador presents credentials to the President, we hereafter  start informing you of such details. Yesterday, 5 foreign envoys presented their credentials to the President. This included two envoys based in Colombo, two  based in New Delhi and one  based in Singapore.

-The Ambassador of Japan to Sri Lanka, H.E. Kenichi Suganuma resident in Colombo.

 

-The High Commissioner of Seychelles to Sri Lanka, H.E. Phillippe Le Gall resident in Colombo.

-The High Commissioner of Kenya to Sri Lanka, H.E. Imisa Weche resident in New Delhi.

-The High Commissioner of Ghana to Sri Lanka, H.E. Samuel Panyin Yalley resident in New Delhi.

-The High Commissioner of Singapore to Sri Lanka H.E. S. Chandra Das, resident in Singapore.

III

Next, we wish to clarify matters regarding the GSP facility extended by the United States of America, as there seems to be some confusion on this issue.

The US-GSP is a programme designed to promote economic growth in developing countries by providing preferential duty free entry for up to 5000 products from 122 designated beneficiary developing countries and territories. The US-GSP programme was instituted on 1 January 1976 by the Trade Act of 1974. This GSP authorisation granted is required to be renewed by the US Congress. Sri Lanka has been a beneficiary of the US-GSP facility for over a decade.

On 31 July 2013, the GSP authorisation which as I said is required to be renewed periodically by the US Congress, had lapsed. Now, this is not the first occasion on which the facility had lapsed. I am told that there had been 13 previous occasions on which this had happened in the past.

What happened when authorisation of duty-free treatment under GSP lapsed on 31 July,  2013 is that as a result, US imports entering the US after that date, which were previously eligible for duty-free treatment under the GSP programme, became subject to regular, normal trade relations rates of duty.

On June 25, 2015, the House passed the Trade Preferences Extension Act of 2015 following Senate approval on June 24.  The President of the United States thereafter signed the bill into law on June 29., As provided for in the Act, duty-free treatment of GSP-eligible imports will become effective 30 days after enactment, this is on the 29th of July 2015  and will remain valid up to December 31, 2017.

The bill also makes GSP benefits retroactive to 31st July 2013 which will allow US Customs and Border Protection to refund duties paid on eligible GSP products during the period between 31 July 2013 and the date on which the facility became operational once in this year. Sri Lanka’s exports to the United States  under this facility  covers only 7% of our total exports to the USA and covers products such as pneumatic tires, activated carbon, gold and silver jewellery, surgical and other rubber gloves, plastic packaging material, and porcelain and ceramic products. The Sri Lanka Embassy in Washington, DC was an active member of the alliance of GSP Beneficiary Countries, which, together with US stakeholders, advocated the early renewal of the US-GSP Programme.

IV

On the 10th of June we informed you about 54 persons, believed to be of Sri Lankan origin, who were stranded on Rote Island in Indonesia. Some of you kept inquiring from us thereafter regarding these persons.

We now have confirmation that these persons are in fact of Sri Lankan origin. Some of them are holders of UNHCR identity documents. All are either confirmed refugees or asylum seekers. As at date, none have sought assistance in returning to Sri Lanka.

If anyone expresses interest in returning, the Sri Lanka Embassy in Indonesia will facilitate such arrangements.

Thank you very much. Now if there are any questions, I will answer them.

Questions & Answers

ප්‍රශ්නය:          සිරස ප්‍රවෘත්ති අංශයෙන් නම අවන්ක කුමාර. අර ජීඑස්පී ප්ලස් එකේ ටැක්ස් එක රිටර්න් කරනවා කියලා තියනවා නේ කොච්චර මුදලක් වෙනවද මේ වන විට.

පිළිතුර:         ඒක අපි තවම දන්නෙ නැහැ. නමුත් 2013 ඒ facility එක නැවතිච්ච දවසෙ ඉඳලා ආපහු නැවත ක්‍රියාත්මක වුණේ මේ වසරේ. ඒ අතරතුර යම්කිසි භාණ්ඩ අපනයනය කරලා තියනවා නම්, ඒ භාණ්ඩවලට අදාළ .. ඒ තීරුබදු සහනය ලබාදෙනවා කියලා අපිට කියලා තියනවා. ඒක අපේ රටට විතරක් නෙමෙයි රටවල් සහ ප්‍රාන්ත 122 කට මුලු ලෝකයේම අදාළ දෙයක්.

බොහොම ස්තුතියි.

Question:    I'm Prasad from Rupavahini. This GSP was expired in 2013 and it took  two years to renew it.  Was it delayed because of the human rights or anything any issues or their normal procedures to take such a long time?

Answer:      Well, it had nothing to do with Sri Lanka's human rights record or any other country’s  situation. It was a purely administrative issue relating to the United States of America.

Question:    Shihar from Reuters. We had similar GSP+ with EU as well, and also we have similar kind of trade facility for fishing, and fishing exports. Any update on the negotiations to regain those facilities?

Answer:      Actually, unlike the US GSP Programme on which I briefed you all now, the EU GSP+ facility is something that is extended to individual countries and individual country situations are considered in granting that facility.  As you know, it was decided sometime back when there were concerns  over the EU GSP facility being extended to Sri Lanka, it was withdrawn and it was decided at that time that Sri Lanka will not pursue that facility.  But, now we have changed that position and we are keen on pursuing or reapplying for the facility and discussions are taking place in that regard. As to exactly when that facility would be granted is not something which is for us to decide.  It is something that has to be determined by the EU and we hope that it would be soon.

Question:   Inaudible.

Answer:   That was actually a different issue altogether. As you know, it was a ban that was imposed  and even on that there are certain conditions that   we have to meet and the negotiations are actually led by the Ministry of Fisheries. I will try to get information for you as to exactly where we stand on that.

ප්‍රශ්නය:     මම දෙරණ ඩිලාන්. මේ.. රුසියාවෙ හිටපු තානාපතිතුමාට චෝදනා වගයක් එල්ල වෙලා. තිබුණා ඒ පිළිබඳව ඔබතුමියගේ මතය දැනගන්න කැමතියි. ඒ කියන්නෙ දැන් එතුමා. ශ්‍රී ලංකාවට එනවද?

පිළිතුර:  එතුමා ශ්‍රී ලංකාවට එනවද කියන ප්‍රශ්නෙ එතුමාගෙන් තමයි අහනන් ඕන. එතුමාට චෝදනා කිහිපයක් තියනවා. එකක් තමයි, යුක්රේන් රජයෙන් එතුමාට එල්ල වූ චෝදනාව ආයුධ සපයලා තියනවා කියලා යුක්රේන්.. ජාතිකයන්ට. ඒ සම්බන්ධව යුක්රේන් රජය අපිට දැනුම් දීලා තියනවා නිල වශයෙන්.  අපි මීට කලිනුත් ඒ පිළිබඳව තොරතුරු ඔබලාට ලබාදීලා තියනවා. ඒ ගොල්ල අපිට කියා සිටියෙ යුක්රේන් රජයෙන් පළමුවෙන්ම පරීක්ෂණයක් පවත්වනවා කියලා. ඒ පරීක්ෂණය අවසාන වුණාට පස්සෙ අපිට ඒ පිළිබඳව තොරතුරු ලබාදෙනවා. ඊට පස්සෙ ගන්න ඕන පියවර මොනවද කියලා එතකොට තීරණය කරන්න පුලුවන් කියලා.  ඒ එකක්, අනික් එක තමයි මිග් ගුවන් යානා සම්බන්ධව තියන පරීක්ෂණය. ඊට අමතරව මම දැක්කා එතුමා ප්‍රවෘත්ති නිවේදන මඟින් ප්‍රකාශ කරලා තිබ්බා එතුමාට අසාධාරණයක් සිද්ධවෙලා තියනවා කියලා ඔහුගේ පෞද්ගලික භාණ්ඩ වරායෙන් එළියට ගැනීම සම්බන්ධයෙන්. මේ පිළිබඳව අපි ඒ අදාළ අංශය.. අපේ අමාත්‍යාංශයේ තියෙන විදේශ දූත මණ්ඩල අංශය, ඒ අංශයෙන් අපි තොරතුරු ඉල්ලලා තියෙනව සම්පූර්ණයෙන්ම අපිට පැහැදිලි තොරතුරු දෙන්න කියලා  ඇත්තටම මොකක්ද සිද්ධවෙලා තියෙන්නෙ කියලා -  ඒ දින සහ තොරතුරු සම්පූර්ණ වශයෙන් ඒ කියන්නෙ කවදද එතුමාගෙ භාණ්ඩ ලංකාවට එව්වෙ, එතකොට එතුමා අර මීට කලින් අපේ ඉරානයේ තානාපති කාර්යාලයට ගිහිල්ලා Power of Attorney බලපත්‍රයක් ලබාගන්න ඉල්ලුම් කරලා තිබුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි මීට කලින් වතාවක මං හිතන්නෙ දැන් සති තුනකට පමණ කලින් මේ මාධ්‍යවේදීන්ට තොරතුරු ලබාදුන්නා. නමුත් දැන් වන විට සමහර තත්ත්වයන් වෙනස් වෙලා තියෙනව. ඒ සම්බන්ධයෙන් අපි සම්පූර්ණ තොරතුරු ලැබුනුවිටම.. සමහර විට ලබන සතියේ ඔබට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

If there are no other questions, shall we wind up? Yes? Ok, thank you very much for coming. And if there are any questions that you wish to send us by email or pose to us by telephone, please feel free to do so. Thank you.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close