Ministry News
වියට්නාම ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක
ප්‍රකාශිත දිනය

වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වන ටෝ ලාම්, 2026 මැයි 07 සහ 08 යන දෙදින තුළදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55 වැනි සංවත්සරය සැමරීම සඳහා, 2025දී යෙදුණු වියට්නාම රාජ්‍ය සංචාරයෙන් අනතුරුව, වියට්නාම ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍ය සංචාරය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි සිදු වේ.

මෙම සංචාරය අතරතුරදී, දෙරටේ නායකයින් දෙදෙනා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. "ශ්‍රී ලංකා - වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සංසදයේ" සමාරම්භය ඇතුළු ඉහළ මට්ටමේ ක්‍රියාකාරකම් කිහිපයකට ද වියට්නාම ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.

ජනාධිපති ටෝ ලාම් සමඟ වියට්නාම රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් ඇතුළු ප්‍රමුඛ දේශපාලන නායකයින් මෙම සංචාරයට එක්වනු ඇත.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2026 මැයි 04 වැනි දින

Show as Media Release on Homepage