Ministry News
2026 රයිසිනා සංවාදයට, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහභාගී වේ
ප්‍රකාශිත දිනය
Minister of Foreign Affairs, Foreign Employment & Tourism Vijitha Herath Participates in the Raisina Dialogue 2026

2026 මාර්තු 5 වැනි දින සිට 7 වැනි දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති භූ දේශපාලනය සහ භූ ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රමුඛ ගෝලීය සංසදයක් වන 2026 රයිසිනා සංවාදය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහභාගී විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් විසින්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් සමඟ එක්ව, ලොව පුරා විදේශ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් රයිසිනා සංවාදය ආරම්භ කරන ලදී.

සංවාදයට සමගාමීව, අමාත්‍ය හේරත්, මෝල්ටාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය අයන් බෝර්ග්; කෙන්යාවේ විදේශ සහ ඩයස්පෝරා කටයුතු පිළිබඳ කැබිනට් ලේකම් සහ ප්‍රධාන කැබිනට් ලේකම් මුසාලියා මුදවාඩි; රුවන්ඩාවේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍ය ඔලිවියර් ජේ.පී.ඩුහුන්ගිරේ; සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා සඳහා පැවැත්වීය. ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය සංවර්ධනයන් පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම පිළිබඳව සාකච්ඡාවල අවධානය යොමු විය.

ඉන්දියානු සාගර කලාපයේ පරිණාමය වන භූ දේශපාලනික තත්ත්වයන් සහ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ඉදිරි දර්ශන හුවමාරු කරගත් විද්වත් සාකච්ඡාවකට ද අමාත්‍ය හේරත් සහභාගී විය. ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වීම කරා ශ්‍රී ලංකාව ගමන් කිරීම පිළිබඳ ඉදිරි දර්ශන හුවමාරු කරගත් සජීවී වීඩියෝ අන්තර්ක්‍රියා සැසියකට ද ඔහු සහභාගී විය.

රයිසිනා සංවාදයට අමාත්‍ය හේරත්ගේ සහභාගීත්වය, ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ ප්‍රධාන කලාපීය සහ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමඟ හවුල්කාරිත්වයන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස ක්‍රියා කරන ලදී.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01

2026 මාර්තු 12 වැනි දින

Minister of Foreign Affairs, Foreign Employment & Tourism Vijitha Herath Participates in the Raisina Dialogue 2026Minister of Foreign Affairs, Foreign Employment & Tourism Vijitha Herath Participates in the Raisina Dialogue 2026Minister of Foreign Affairs, Foreign Employment & Tourism Vijitha Herath Participates in the Raisina Dialogue 2026Minister of Foreign Affairs, Foreign Employment & Tourism Vijitha Herath Participates in the Raisina Dialogue 2026