Ministry News
වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව ශ්‍රී ලංකාව වෙත සිදු කළ දෙවන සංචාරය අවසන් කරයි
ප්‍රකාශිත දිනය


වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව, (SPT) 2026 ජුනි 24 වැනි දින සිය දෙවන ශ්‍රී ලංකා සංචාරය අවසන් කළේය. මෙම සංචාරය 2026 ජුනි 15 වැනි දින සිට 24 වැනි දින දක්වා සිදු විය.

 

මෙම සංචාරය අතරතුරවධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුවේ සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිස විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන මහත්වරුන් හමුවිය. 2026 ජුනි 15 වන දින පැවැති රැස්වීමේදීඅමාත්‍යවරුන් දෙදෙනා වධහිංසා සම්බන්ධයෙන් රජයේ ශුන්‍ය-ඉවසීමේ ප්‍රතිපත්තිය ඉස්මතු කළ අතරමානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සහයෝගීතාවෙන් හා සංවාදයෙන් ගිවිසුම් ආයතන සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමට ඇති දැඩි කැපවීම නැවත තහවුරු කළහ.

 

වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටු නියෝජිත පිරිස විසින් තම වගකීමේ කොටසක් ලෙස, 2026 ජුනි 15 වැනි දින විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී ප්‍රධාන අමාත්‍යාංශදෙපාර්තමේන්තු සහ ආයතන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද හමුවිය. විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමින් සම-සභාපතිත්වය දරන ලද මෙම රැස්වීමට මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයආරක්ෂක අමාත්‍යාංශයසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයකාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයග්‍රාමීය සංවර්ධනසමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයනීතිපති දෙපාර්තමේන්තුවශ්‍රී ලංකා පොලිසියබන්ධනාගාර දෙපාර්තමේන්තුවපරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවආගමන හා විගමන දෙපාර්තමේන්තුවජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය සහ පුනරුත්ථාපන කාර්යාංශය යන ආයතනවල නියෝජිතයෝ  ඇතුළත් වුහසාකච්ඡාවලදීවධහිංසා වැළැක්වීම පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ගෙන ඇති සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යවස්ථාදායකපරිපාලන සහ ආයතනික ප්‍රතිසංස්කරණ සහ පියවර පිළිබඳව පාර්ශ්වකරුවෝ  විස්තර කළහ.

 

මෙම සංචාරය අතරතුරවධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටු නියෝජිත පිරිසවධහිංසාවට එරෙහි සම්මුතියේ විකල්ප ප්‍රොටෝකෝලය (OPCAT) යටතේ ජාතික වධහිංසා වැළැක්වීමේ යාන්ත්‍රණය (NPM) ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL); අධිකරණ සේවා කොමිසමසහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් හමුවිය. 

 

සංචාරය අවසානයේ, 2026 ජුනි 23 වැනි දින රජයේ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වන ලද අතරඑහිදී වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටු නියෝජිත පිරිස සිය මූලික නිරීක්ෂණ ඉදිරිපත් කළහ. අනුකමිටු නියෝජිතයෝ, වධහිංසා පැමිණවීම සහ අයහපත් ලෙස සැලකීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිගත් අතරරැඳවුම් මධ්‍යස්ථාන වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමට පහසුකම් සැලසීම මෙන්ම සංචාරය පුරාවට රජයෙන් ලැබුණු සහයෝගය අගය කළහ.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගීතාවට සහ ස්වේච්ඡාවෙන් භාරගත් ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමට ඇති අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරමින්, ශ්‍රී ලංකාව උපකමිටුව සමඟ විවෘතවිනිවිදභාවයෙන් හා ඵලදායී ආකාරයකින් සම්බන්ධ විය.

 

වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටු නියෝජිත පිරිසට නියෝජිත ප්‍රධානී අයිෂා ෂුජුන් මුහම්මද් (මාලදිවයින)ජාකුබ් ජූලියන් චෙපෙක් (පෝලන්තය)ඇනිකා ටොම්සික් (ක්‍රොඒෂියාව)සහ නිකා ක්වාරට්ස්කෙලියා (ජෝර්ජියාව) ඇතුළත් වූහ. නියෝජිත පිරිස සමඟ ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටු ලේකම් කාර්යාලයේ නිලධාරීහූද මෙම සංචාරයට සහභාගී වූහ.

 

2017 දෙසැම්බර් මාසයේදී වධහිංසාවට එරෙහි සම්මුතියේ (OPCAT) විකල්ප ප්‍රොටෝකෝලයට ශ්‍රී ලංකාව ඇතුළත් වීමෙන් පසුව, 2019 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට කළ පළමු සංචාරයෙන් පසුවධහිංසා වැළැක්වීමේ අනුකමිටුව (SPT) විසින් සිදු කරන ලද දෙවන සංචාරය ලෙස මෙය සනිටුහන් විය.

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ


2026 ජුලි 01 වැනි දිනBottom of Form

Bottom of Form

 

Show as Media Release on Homepage