Ministry News
ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, පෘතුගීසි විදේශ අමාත්‍ය පාවුලෝ රැන්ජල් ශ්‍රී ලංකාවේ සංචාරයක
ප්‍රකාශිත දිනය
Portuguese Foreign Minister Paulo Rangel visits Sri Lanka; Bilateral ties to be further strengthened

ශ්‍රී ලංකාවේ නිල මට්ටමේ සංචාරයක නිරත, පෘතුගාල රාජ්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය පාවුලෝ රැන්ජල්, පෙබරවාරි 24 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමුවිය.

පෘතුගීසි විදේශ අමාත්‍යවරයා පිළිගනිමින්, මෙම සංචාරය කාලෝචිත හා ඉතා වැදගත් බව විදේශ අමාත්‍යවරයා පැවසුවේය. පොහොසත් සංස්කෘතික උරුමයන් මත පදනම්ව, සහයෝගීතාවේ නව මාර්ග ගවේෂණය කිරීමට, දෙරටට අවස්ථාව එළැඹී ඇති බව ද පෘතුගාල විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

වෙළෙඳ හා ආයෝජන, සංචාරක, කොන්සියුලර් කටයුතු, සංස්කෘතික හුවමාරු සහ සමකාලීන ගෝලීය ගැටලු ඇතුළුව, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රාශියක් පිළිබඳව අමාත්‍යවරු දෙදෙනා සාකච්ඡා කළහ. බහුපාර්ශ්වික සංසදවල ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම තහවුරු කළහ. දිගුකාලීන ඓතිහාසික සබඳතාවලින් ඔබ්බට ගොස් නිත්‍ය උපදේශනයන් මඟින් ආර්ථික සහයෝගීතාවක් කරා ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා මෙම සංචාරය ඉතා වැදගත් වනු ඇතැයි දෙපාර්ශ්වය අපේක්ෂා කළහ.

එදිනම පෘතුගීසි විදේශ අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද හමුවිය. මෙම සංචාරයට, කොළඹ වරාය, කොචිචිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කොළඹ ජාතික කෞතුකාගාරය සහ ගංගාරාම විහාරස්ථානය නැරඹීම ද ඇතුළත් විය.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ විදේශ ලේකම් සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද, පෘතුගාල විදේශ අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකාවේ පෘතුගාල තානාපතිවරයා සහ පෘතුගීසි විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද, ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා සහභාගී වුහ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2026 පෙබරවාරි 25 වැනි දින

Portuguese Foreign Minister Paulo Rangel visits Sri Lanka; Bilateral ties to be further strengthenedPortuguese Foreign Minister Paulo Rangel visits Sri Lanka; Bilateral ties to be further strengthenedPortuguese Foreign Minister Paulo Rangel visits Sri Lanka; Bilateral ties to be further strengthened